අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යල කන්නයට ජලය නිකුත් කිරීමට බාධාවක් නැහැ

    ජූලි 15, 2017

    යල කන්නයේ ඉතිරි කාලසීමාව සඳහා ඉහතා වැව් පද්ධති සඳහා අවශ්‍ය ජලය මොරගහකන්ද ජලාශයෙන් නිකුත් කිරීමට කිසිදු බාධායක් නොමැති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදන කරයි.

    මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව පසුගිය වර්ෂා සමය තුළ එක්රැස් කරන ලද සමස්ත ජල ප්‍ර‍මාණය ඝණ මීටර් දස ලක්ෂ 145කි.

    යල කන්නයේ ඉතිරි මාස දෙකක කාලය සඳහා අවශය වන ජල ප්‍ර‍මාණය සපුරාලීම සඳහා මේ වනවිටත් මොරගහකන්ද ජලාශය තුළ රඳවාගෙන් ඇති ජලය ප්‍ර‍මාණය ඝණ මිටර් දස ලක්ෂ 60 ඉක්මවන අතර මේ වනවිටත් වගාවන් සඳහා අඛණ්ඩව ජල අවශ්‍යතා මුදා හරිනු ලබයි.

    ඉහත එක්රැස් කරන ලද ජලයෙන් පසුගිය මැයි මස මුල සිට මේ දක්වා ජලය ඝණ මිටර් දස ලක්ෂ 94ක් ඇලහැර, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල හා පරාක්‍ර‍ සමුද්‍ර‍යන වැට් පද්ධතියට මුදාහැර ඇත.


    එමෙන්ම බෝවතැන්න ජලාශය හරහා තවදුරටත් මහවැලි ජලය මොරගහකන්ද ජලාශය වෙත එකතු කරනු ලබයි.

    කෙසේ වෙතත් පවත්නා වියළි කාලගුණික තත්ත්වය යටතේ ජලය වඩාත් අර පිරිමැස්මෙන් භාවිත කිරීම ගොවි සංවිධානවල මෙන් ගොවි ජනතාව සතු වගකීමක් බව ද මහවැලි අධිකාරීය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya