අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ඇලපත්ගම ගම්මානයට රු.මි. 300ක ප්‍ර‍දානයක්

    ජූලි 15, 2017

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ,  මහ විලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඇලපත්ගම ශ්‍රී සෝභිතගම ගම්මානයේ  නව නිවාස 153 ක් ඉදි කිරීම වෙනුවෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයෙන් පිරිනැමුණු රුපියල් මිලියන 300 ක මූල්‍ය ප්‍රදානය සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (14)  කථානායක නිල නිවසේ දී සිදු විය.

    අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනමේ සංකල්පයක් මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ  පුරෝගාමීත්වයෙන් සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබේ.

    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරි ප්‍රමුඛ ඉන්දීය රාජ්‍ය නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

    අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීම ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත්  සිං සන්දු  මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් ඩබ්.කේ.කේ.අතුකෝරාල මහත්මිය එක් සිටියහ.

    අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මහවිලච්චිය ඇලපත්ගම යනු යුධ සමයේ මායිම් ගම්මානයක් ලෙස සැලකුනු ඉතා දුෂ්කර හුදෙකලා ගම්මානයකි.

    එවකට ත්‍ර‍ස්තවාදී තර්ජනයෙන් සහ වන අලි උවදුරින් හෙම්බත්ව සිටි ගැමියන් ගම හැරදා යමින් තිබෙන පුවත සැල වූ මාදුළුවාවේ සෝභිත නාහිමියෝ එහි වැඩම කොට ගම හැරදා නොයන ලෙස ඔවුන් දිරිමත් කළ අතර,  නිරතුරුවම ඔවුන්ගේ දුෂ්කර දිවියට සහන සලසමින් ඔවුන් රැක බලා ගැනීමේ වගකීම සිය උර මතට ගත්හ.

    එදා සිය දායක දායිකාවන්ගෙන් ලැබුණු ආධාර උපකාර රැගෙන අඩුම තරමින් මසකට වරක්වත් ඇලපත්ගමට වැඩි උන්වහන්සේ තමා වෙනුවෙන් ගම් වැසියන් රැක බලා ගනිමින් ඔවුනගේ ලෝ සසුන් වැඩ පිණිස කටයුතු කරනු වස් ඇලපත්ගම ගමේම දැරුවකු ඇලපත්ගම රේවත හිමි නමින් පැවිදි කරවා සරසවි අධ්‍යාපනය ලබා දී ගමේ විහාරස්ථානයක් ඉදි කරවා එහිම වැඩ විසීමට සැලැස්වූහ.

    මාදුළුවාවේ සෝභිත නාහිමි දැයෙන් සමුගත් පසුව යළි ඇලපත්ගම ගම හුදකලා වී කාගේත් අවධානයෙන් ගිලිහෙමින් තිබිනි. නමුත් මාදුළුවාවේ සෝභිත නාහිමි වෙනුවෙන් උන්වහන්සේ පැතූ පරිදි ඇලපත්ගම අසරණ ජනතාව යළි නගා සිටුවීමේ වගකීම කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනම උරමතට ගත්හ.

    මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය යාන්ත්‍රණයේ අවධානයද ඇලපත්ගම ගම්මානය කෙරෙහි යොමු කරවමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් දියක් කෙරිණි.

    01.  ගම්මානයට නිරතුරුව වන අලින්ගෙන් තිබූ තර්ජන නිම කරනු වස් ඇලිවැට ඉදි කිරීම ආරම්භ කිරිම

    02.         ගමේ  ගොවිතැන් කටයුතු සඳහා ජලය සම්පාදනය කළ කුඩා වැව් 03 කින් සමන්විත වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය( මේ යටතේ ඇලපත්ගම වැව සහ කුඩා තම්මැන්නාව වැව වැඩ නිමව ඇත.)

    03.        ගමේ මාර්ග පද්ධතිය ඉදි කිරීම (ප්‍රධාන ප්‍රවේශ මාර්ගය කාපට් අතුරා වැඩ නිම කර ඇත.)

    04.         නව වගා ලිං පද්ධතියක්  ඉදි කිරීම (වගා ලිං 12 ක වැඩ නිමව ඇත.)

    05.        ගමේ විහාරස්ථානයේ වැඩි දියුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීම. ( මේ යටතේ ධර්ම ශාලාවේ වැඩ නිමව ඇත. ආවාස ගෘහය, පුස්තකාලය, දාන ශාලාව කටයුතු අරඹා ඇත.)

    06.        ඇලපත්ගම දරුවන්ට ඇති එකම පාසල (අශෝකමාලා විද්‍යාලය) වැඩි දියුණු කිරිම ආරම්භ කිරීම . ( මේ යටතේ නව ක්‍රීඩා පිටියේ වැඩ  නිම වෙමින් පවතී.)

    07.        ගම්මානයේ ජනතාවගේ ප්‍රවාහන කටයුතු සඳහා නව බස්රථයක් ලබා දීම.

    දිගු කාලීන වශයෙන් ගමේ ආර්ථිකය නංවාලනු වස් පොල්, අඹ, කජු වගා ව්‍යාපෘතින් අරඹමින් අවශ්‍ය පැල ජනතාවට බෙදා දීම වැනි ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක කර ඇති තිබේ.

    ඉදිරියේදී  අංග සම්පූර්ණ පරිපාලන ගොඩනැගිල්ලක් (වෙළඳ සංකීර්ණයක් සහ රාජ්‍ය අංශයේ කාර්යාල සහිතව) ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, නව නිවාස පද්ධතිය ඉදි කිරීමෙන් පසු සෑම නිවසකටම පානීය නල ජල පහසුකම් සැපයීමට ද සැලසුම් කර තිබෙයි.

    මෙම භෞතික සංවර්ධන කටයුතුවලට සමගාමීව ප්‍රදේශයේ තරුණයන් සඳහා කොළඹදී විශේෂ නේවාසික නායකත්ව පුහුණු වැඩමුළුවක්ද පවත්වමින් ආකල්පමය වශයෙන් ඔවුන් හැඩ ගස්වාලීමට කටයුතු කළ අතර,  පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකරණ ප්‍රදානයන් ද දිගින් දිගටම සිදු කරමින් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya