අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝහල්ගත වන ඩෙංගු රෝගීන්ගේ අඩුවක්

    ජූලි 14, 2017

    ගත වූ දින 4 තුළ ලැබී ඇති සංඛ්‍යා ලේඛන අනුව ඩෙංගු රෝගීන් රෝහල්ගත වීමේ අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    විපක්ෂයේ ඇතැම් දේශපාලඥයින් මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 4ක් වී ඇති බවට අසත්‍ය ප්‍රචාර ගෙන යමින් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බවද  පැවසූ ඇමතිවරයා මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,885ක් බවත් ඉන් 269ක් මරණයට පත්ව ඇති බවටත් සඳහන් කළේය.

    ඩෙංගු රෝගය පිළිබඳ සියලු දත්ත වාර්තා සකසන්නේ දිනපතා අන්තර්ජාලය මඟින් ලබා ගන්නා දත්තයන් සහ සතිපතා තැපෑලෙන් ලබා ගන්නා දත්තයන්  අනුව වන බවද මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය.

    ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ජනතාවගේ උනන්දුව සහ සහයෝගය අවශ්‍යයයි. සියලු දෙනා එක්වී හමුදා‍වක් වශයෙන් කටයුතු කරමින් ගමින් ගමට ගෙයින් ගෙට යමින් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට පියවර ගත යුතු බවද රාජිත සේනාරත්න මහතා කීය.

    සුළු හෝ උන තත්ත්වයකදී පැය 49ක් තුළ රුධිර පරීක්ෂාවක් කර ගැනීමට සියලු දෙනා වගබලා ගන්නා ලෙසත් වේදනා නාශක ලෙස පැරසිටමෝල් පමණක් භාවිතා කිරීමට වගබලා ගන්නා ලෙසත්  දැනුම්වත් කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට වෛද්‍ය ලක්රුවන් ප්‍රනාන්දු, වෛද්‍ය සමිත ගිණිගේ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ආදී මහත්වරුන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya