අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ නිදහස් සටනේ විරුවන්ට ජනපතිගෙන් පුෂ්පෝපහාර

    ජූලි 14, 2017

    බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනය පරිදි බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) පස්වරුවේ බංග්ලාදේශයේ ජාතික විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.



    1971 බංග්ලාදේශ ජාතික නිදහස් සටනේ විරුවන් සැමරීමට ඉදිකර ඇති මෙම රණවිරු ස්මාරකය ඩකා අගනුවර සිට කි.මි 34 ක පමණ දුරින් සවාර් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.

     

    එම පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබූවේ බංග්ලාදේශයේ රණවිරු සුබසාධන කටයුතු පිළිබද අමාත්‍යවරයා සහ නිවාස සහ පොදු පහසුකම් පිළිබද අමාත්‍යවරයා විසිනි.

     

    සිය සංචාරය සනිටුහන් කරමින් එහි පැළයක්  රෝපණය කළ ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

     

    රවී කරුණානායක මහතා ඇතුළු  ශ්‍රී ලාංකික දූත පිරිස ද ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya