මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමාඔයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපති උපදෙසින් තීණ්දු රැසක්

    ජූලි 14, 2017

    උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි තීන්දු තීරණ රැසකට එළැඹ තිබේ.

    උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයට කඩිනම් විසඳුම් සෙවීම පිළිබඳ නිලධාරී මට්ටමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පසුගියදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම තීරණවලට එළැඹිණි.

     

    ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල, ඇල්ල, වැලිමඩ, ඌව පරණගම හා හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග‍්‍රාම නිලධාරි වසම් 32 ක පදිංචි ජනතාව මුහුණ දී තිබෙන පානීය ජල, නිවාස, වගා හානි, නිවාස අහිමිවීම් යනාදී ගැටලූ සඳහා කඩිනම් විසඳුම් සෙවීම සහ එම සහන ක්‍රියාමාර්ග සඳහා කාලරාමු සහිතව ක්‍රියාත්මක සැලැසුමක් සකස් කොට එක් එක් රාජ්‍ය ආයතනවලට වගකීම් පැවරිම මෙහිදී සිදු විය.

     

    එම තීන්දු තීරණ, කාල රාමු සහ වගකීම් පැවරීම් පහත පරිදි වේ.

     

    01- වන්දි ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් වන්දි ගෙවීමේ කටයුතු සිදුකිරීමට තීරණය කිරීම සහ  ඒ සඳහා මූලික වශයෙන් රුපියල් මිලියන 300 ක ප‍්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිදහස් කිරීම

    කාල රාමුව     - 2017-07-30 වන දිනට පෙර
    වගකීම        -දිස්ත්‍රික් ලේකම්, බදුල්ල/ ප‍්‍රධානී, ජන සහන ලේකම් කාර්යාලය
                    ව්‍යාපෘති අධ්‍යක්ෂ, උමා ඔය ව්‍යාපෘතිය


     
    02- ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් කුඩා වැව් 06 ක් ඉදිරි වර්ෂා සමයට ප‍්‍රථම ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 100 ක උපරිමයකට යටත්ව ප‍්‍රතිපාදන නිදහස් කිරීම සහ අදාළ ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කිරීම  
    කාල රාමුව    -ප‍්‍රතිපාදන නිදහස් කිරීම 2017-07-20 වන දිනට පෙර සිදු කළ යුතු අතර
                      ප‍්‍රතිසංස්කරණ  අවසන් කිරීම 2017-10-30 වන දිනට පෙර සිදු කළ යුතුය.
    වගකීම     -ප‍්‍රධාන ලේකම්, ඌව පළාත

     

    03- ඉදිරි නියං තත්ත්වයට මුහුණදීම සඳහා දැනට පවතින ජල මූලාශ‍්‍රවලට අමතරව සුදුසු ස්ථාන ආශ්‍රිතව නිසි අධ්‍යයනයන් සිදුකර විශාල ප‍්‍රමාණයේ නල ළිං 06 ක් ඉදිකිරීම,
    කාල රාමුව  -      2017-08-31 දිනට පෙර  
    වගකීම    -      ජල සම්පත් මණ්ඩලය

     

    04- මේ වන විට ජල ටැංකි සපයා නොමැති සියලු පවුල් සඳහා අවශ්‍ය ජල ටැංකි සපයාදීම
    කාල රාමුව  -2017-07-30 දිනට පෙර  
    වගකීම    - ප‍්‍රධානී, ජන සහන ලේකම් කාර්යාලය


    05- දැනට වැඩ නිමවෙමින් පවතින ජල යෝජනා ක‍්‍රම අවසන් කර සම්බන්ධතා ගාස්තු අයකිරීමකින් තොරව ජලය සැපයිම
    කාල රාමුව  - 2017-08-15 දිනට පෙර
    වගකීම    -ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය

     


    06-දැනට යොදවා ඇති ජල බවුසර්වලට අමතරව ට‍්‍රැක්ටර් බවුසර් 10 ක් සැපයීම
    කාල රාමුව  -2017-07-15 වන දිනට පෙර
    වගකීම - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

     

    07 - නැවත පදිංචි කිරීම් සඳහා හඳුනාගෙන ඇති ක්‍රෙග් වත්ත ඉඩම් කොටස කඩිනමින් නිදහස් කිරීම
    කාල රාමුව  -        2017-07-15 වන දිනට පෙර
    වගකීම     -  ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය/ දිස්ති‍්‍රක් ලේකම්, බදුල්ල
    08 - හානියට පත් නව නිවාස ආශ‍්‍රිතව වන්දි තක්සේරු කාර්යයන් කඩිනමින් අවසන් කිරීම
    කාල රාමුව  -      2017-08-17 වන දිනට පෙර
    වගකීම    - ප‍්‍රධාන තක්සේරුකරු

    09- හානියට පත් ග‍්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය ස`දහා රුපියල් මිලියන 100 ක විශේෂ ප‍්‍රතිපාදන ඌව පළාත් සභාව වෙත ලබාදීම හා අදාළ සියලූ ප‍්‍රතිසංස්කරණ වර්ෂා සමයට පෙර අවසන් කිරීම.

    කාල රාමුව  -     මුදල් වෙන්කරදීම 2017-07-20 වන දිනට පෙර සිදු කළ යුතු අතර ප‍්‍රතිසංස්කරණය කිරීම 2017-11-30 වන දිනට පෙර
    වගකීම    - මුදල් වෙන්කරදීම -  ජාතික අයවැය දෙපාර්තමේන්තුව
        ප‍්‍රධාන ලේකම්, ඌව පළාත/ පළාත් මාර්ග අධිකාරිය

     

    10-    හානියට පත් පාසල් 18 ක් කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කිරීම.
    කාල රාමුව  -    2017-11-30 ට පෙර
    වගකීම    - ප‍්‍රධාන ලේකම්, ඌව පළාත/ පළාත් අධ්‍යාපන ලේකම්, ඌව පළාත

     

    11- විසල් බණ්ඩාරවෙල ජල යෝජනා ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීම සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන සැපයීම
    කාල රාමුව  -     2018 මුදල් වර්ෂයේදී
    වගකීම  -  ජාතික අය වැය දෙපාර්තමේන්තුව/ ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය

     

    12-  හානියට පත් පවුල් විසින් දැනට ගෙවීමට ඇති නිවාස ණය, වගා ණය වාරික ගෙවීම ස`දහා වසර 02 ක සහන කාලයක් ලබාදීම
    කාල රාමුව  -    කඩිනමින්ම
    වගකීම    - මුදල් අමාත්‍යාංශය

     

    13- නැවත පදිංචි කිරීම සඳහා මේ වන විට හඳුනාගෙන ඇති ක්‍රෙග් වත්තේ පදිංචියට ස්ථීර නිවාස ඉදිකරන තෙක් දැනට ගෙවන ලද මාසික කුලී දීමනාව වෙනුවට එම භූමිය ආශ්‍රිතව තාවකාලික නිවාස අවශ්‍යනම් අදාළ පවුල්වල එකඟතාවය මත එම ඉදිකිරීම් සිදු කිරීම

    කාල රාමුව  -     කඩිනමින්ම
    වගකීම - ප‍්‍රාදේශීය ලේකම්, බණ්ඩාරවෙල


     
    14- බදුල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදුකෙරෙන සහන කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ජන සහන ලේකම් කාර්යාලය ශක්තිමත් කිරීම
            කාල රාමුව       -         2017/08/30 දිනට පෙර
            වගකීම        -       ලේකම්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
                            කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya