අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Ceylon Tea 150 සංවත්සරයට සමරු කාසියක්

    ජූලි 14, 2017
    Ceylon Tea, ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් සහ දිගු කාලීන අපනයනික වෙළෙඳ භාණ්ඩයක් ලෙස ජාතික ආර්ථිකයට සිදුකරන ලද දායකත්වය සලකා එහි 150 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රුපියල් 10 ක් වන සමරු කාසියක් නිකුත් කොට ඇත.
     
    මෙහි පළමු කාසි කාණ්ඩය පසුගිය දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති උත්සවයේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.
     
    මෙම සමරු කාසිය ඊයේ (13) සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන අතර සංසරණයේ පවතින අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු අතරෙහි ගෙවීම් සඳහා භාවිත කළ හැකි වේ.
     
    press 20170712s12

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya