අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිද්දෝරු ගැටලුවලට විසඳුම් කඩිනම් කිරීමට ඇමැති උපදෙස්

    ජූලි 13, 2017

    මිනින්දෝරු වෘත්තියේ පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම වෙනුවෙන් ගත යුතු පියවර කඩිනම් කිරීමට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

    දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදුණු වෘත්තීය ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා මිනින්දෝරු සේවා සංගමය ඊයේ  (12) ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුරදී ඒ පිළිබඳව සෘජුව සාකච්ඡා කිරීම සඳහා එම වෘත්තීය සංගමය කළ ඉල්ලීම අනුව ඊයේ ඉඩම් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී  පැවැති සාකච්ඡවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

    පැරණිම වෘත්තීයක යෙදෙන රටට සේවයක් කරන පිරිසක් වශයෙන් රජයක් වශයෙන් කළ හැකි දේ කිරීමත්, හැකි උපරිම දේ ලබාදීමත් තමාගේ ප‍්‍රතිපත්තිය බව ප්‍රකාශ කළ  සඳහන් කරමින් එම සාකච්ඡාව ආරම්භ කළ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හෙළි කළේය.

    ඉදිරිපත් වූ කරුණු අනුව ඉදිරි කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සහ රාජ්‍ය සේවා කොමිසමෙන් ඉටු කර ගත යුතු කාරණා කඩිනම් කිරීමට අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    අද දින සාකච්ඡාවේ ප‍්‍රගති සමාලෝචනය සඳහා වෘත්තීය සංගමයේ නිළධාරීන් සමඟ නුදුරු දිනකදී සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය විය.

    එම සාකච්ඡාවට රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.ඩී.බී උඩුගොඩ එහි ලේකම් එස්. වික‍්‍රමනායක යන මහත්වරු ප‍්‍රමුඛ නියෝජිතවරුන් සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණයේ ලේකම් අයි.එච්.කේ මහානාම මහතා සහ මිනුම්පති පී.එම්.පී උදයකාන්ත මහතා ප‍්‍රමුඛ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ අමාත්‍යාංශයේ උසස් නිළධාරීන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya