අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    15දා විශේෂ තාරකා විද්‍යා දේශනයක්

    ජූලි 13, 2017
    බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ සේවය කළ ආචාර්ය එලීනා ට(ර්)ලෙවිච් මහත්මිය විසින් “තරුවක උපත සහ විශ්වයේ එදා සිට අද දක්වා මූලද්‍රව්‍යවල විකාශනය” යන තේමාව යටතේ විශේෂ තාරකා විද්‍යා දේශනයක්  15දා ප.ව. 6.00 සිට  ප.ව.7.30 දක්වා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ දී පවත්වනු ලැබේ.
     
    කේම්බ්‍රිජ් සරසවියෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් ආචාර්ය එලීනා ටර්ලෙවුච් මහත්මිය, සසෙක්ස්  විශ්ව විද්‍යාලයේ  රාජකීය ග්‍රිනිච් ග්‍රහලෝකාගාරයේ සහ කේම්බ්‍රිජ්හි තාරකා විද්‍යා ආයතනයේද සේවයකොට ඇති ප්‍රවීණ විද්‍යාඥවරියකි. ඇය දැනට මෙක්සිකෝවේ තාරකා භෞතික විද්‍යා, ප්‍රකාශ විද්‍යා හා ඉලෙක්ට්‍රෝනික විද්‍යා ආයතනයේ සේවය කරනු ලබයි. තාරකා විද්‍යාවට ලැදි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගී විය හැකිය.
     
    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු නාලක අබේසේකර - 0772 723 2 මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya