අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති ලෝක තරුණ නිපුණතා දින විශේෂ සැසිවාරයකට

    ජූලි 13, 2017
    එක්සත් ජාතීන්ගේ සංවර්ධනයට අනුබද්ධිත ලෝක කම්කරු සංවිධානය (ILO) සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක, සංස්කෘතික සංවිධානය (UNESCO) එක්ව සංවිධානය කරන 2017 ලෝක තරුණ නිපුණතා දින සැමරුමේ විශේෂ සැසිවාරයට සහභාගීවන ලෙස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාට ඇරයුම් ලැබී ඇත. 
     
    ඒ අනුව, ජූලි 17 වන දින ඇමරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සමුළු කාමර අංක 03 හි පැවැත්වෙන විශේෂ සැසිවාරයට සම්පත්දායකයෙකු ලෙස සහභාගීවීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම මස 14දා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
     
    2017 ලෝක තරුණ නිපුණතා දින සැමරුමට සහභාගීවන සාමාජික රටවල අමාත්‍යවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ව්‍යාපාරික හා තරුණ නියෝජනය මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වය සහිතව තිරසාර සංවර්ධනය සඳහා වන ඉහළම දේශපාලන සංවාද මණ්ඩපයක් හා වට මේස සාකච්ඡාවක් ලෙස ලෝක කම්කරු සංවිධාන විසින් මෙවර සැසිවාරය හඳුන්වාදී ඇත. 
     
    එහිදී උගත් පාඩම් ඇසුරෙන් ලබාගත හැකි අවස්ථාවන් හුවමාරු කර ගැනීම, අනාගත නිපුණතා අවශ්‍යතාවයන් වර්ධනය කර ගැනීම සඳහා උපායමාර්ගික ප්‍රායෝගික ක්‍රියාකාරකම් හඳුනාගැනීම, අන්තර් මහද්වීපික තරුණ පරපුර උදෙසා ඩිජිටල් ආර්ථිකකරණය තුළ උත්පාදනය වන රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම යන කරුණු පිළිබඳ එකඟතාවයන්ට පැමිණීමට නියමිතය. එහිදී නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාට සාමාජික රටවල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරුන්ගේ ආරම්භක සමුළුව ඇමතීමට ද සංවාද මණ්ඩපයේ සම්පත්දායකයෙකු ලෙස සහභාගීවීමට ද අවස්ථාව ලැබී ඇත. එය ශ්‍රී ලාංකික තාරුණ්‍යය මෙන්ම නිපුණතා හා වෘත්තීය පුහුණු කේෂ්ත්‍රය ලැබූ විශේෂ අවස්ථාවකි. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya