අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝහල්ගත වන ඩෙංගු රෝගීන්ගේ සුලු අඩුවක් - සෞඛ්‍ය ඇමති

    ජූලි 13, 2017
     
    රජය විසින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම සුළු අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 
     
    මාධ්‍යවේදීන් පිරිසක් සමග ඊයේ (12) පෙරවරුවේ කළ සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 
     
    මෙහිදී වැඩිදූරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -  "ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පත්කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් සිවි දෙනා සිය වාර්තාව මා වෙත ලබා දූන්නා. එම වාර්තාව පිළිබඳ ව අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කළා. සති 04 ක් තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50 ක් දක්වා අවම කිරීමට ගත හැකි ක්‍රීයාමාර්ග එහි ඇතුලත් වෙනවා. එම ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අතර ඒ අනුව රෝහල් ගතවන රෝගීන්ගේ සුලු අඩුවක් දක්නට ලැබෙනවා. මෙය හොද ලක්ෂණයක්. මෙම තත්ත්වය දියුණු කළ යුතුයි. කඩිනමින් ඩෙංගු රෝගය පාලනය කළ යුතුයි. ජනතාව දැනුවත් කිරිම, සිය නිවාස පරිශ්‍ර පිරිසිදූව තබා ගැනිම සහ කසල කළමණාකරණය පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ශ්‍රී ලාංකිකයින් දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳ ව කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඩෙංගු උවදූර වැඩි වුවද, සිදූ ව ඇති මරණ සංඛ්‍යාව සියයට දශම 2 දක්වා තබා ගැනීම ඉතා හොඳ ලක්ෂණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින්ගේ අදහසයි. ප්‍රතිකාර අංශය සහ නිවාරණ අංශය තව තවත් දියුණූ කළ යුතුයි. මැලේරියා මදූරුවන් රාත්‍රී කාලයේ මර්දනය කළ හැකි වුවත්, ඩෙංගු මදූරුවා මර්දනය කිරීමට සිදූව ඇත්තේ දහවල් කාලයේයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පෙන්වා දෙන්නේ නිවාසවල නොපෙනෙන ස්ථානවලට ද ධූමායන කටයුතු සිදූ කළ යුතු බවයි. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 08 ගුණයකින් ඉහළ ගිය ද මදූරුවන් ඊට වඩා වැඩිවී නැහැ." 
     
    "ඩෙංගු උවදූර හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු සම්පුර්ණ රුධිර පරික්ෂාව සහ ඩෙංගු රුධිර පරීක්ෂණ ගාස්තු අඩු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදූ කළ විමර්ශණයක දී පෞද්ගලික රෝහල් සහ රසායානාගාර 36 ක් පරීක්ෂා කළා. ඉන් 04 ක සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝගය කඩ කර තිබුනා. එම රෝහල්වලට සහ රසායනාගාරවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.  සම්පුර්ණ රුධිර පරික්ෂණයක් රුපියල් 250 කට ද ඩෙංගු රුධිර පරික්ෂණයක් රුපියල් 1000 කට ද සිදූ කළ යුතුයි. මේ වනවිට සියලු ම මාධ්‍ය ආයතන ද ඩෙංගු රෝගය පාලනය කිරීමේ වැඩපිළිවෙළට සක්‍රීය ලෙස දායක වී තිබෙනවා." වාණිජ පරමාර්ථ පසෙක ලා සියලුම මාධ්‍ය ආයතන ඩෙංගු රෝගය තුරන් කිරිම සඳහා කටයුතු කිරිමට එක්වීම පිළිබඳ ව මාධ්‍ය ආයතනවලට ප්‍රණාමය පුද කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිඳුරටත් ප්‍රකාශ කළේය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya