අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලන්ච් ෂීට්,ෂොපින් බෑග්, ඇතුළු මයික්‍රෝන 20ට අඩු පොලිතීන් සැප්තැම්බර් 01 සිට භාවිතය තහනම්

    ජූලි 12, 2017

    ලන්ච් ෂීට්, ෂොපින් බෑග්,පොලිස්ටයොරින් යොදාගත් ආහාර ඇසුරුම් පෙට්ටි ඇතුළු මයික්‍රෝන 20ට අඩු පොලිතීන් නිෂ්පාදන,භාවිතය, අළෙවිය සැප්තැම්බර් මස 01 දින සිට තහනම් කෙරෙන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

    මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමින් අද (12) නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ය.

    මෙම තීරණය ගැනීමට පෙර පරිසර අධ්‍යයන වාර්තා සැළකිල්ලට ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය. එකවර තනම් කිරීම අපහසු වුවත් පොලිතීන් නිෂ්පාදන හතරක් ප්‍රධන වශයෙන් තනම් කෙරෙන බව පැවසීය.අතිගරු ජනාධිපතිතුමා පොලිතීන් ගැටළුව විසඳීමට දීර්ගකාලීන විසඳුමක් ලබාදෙන  ලෙස  උපදෙස් ලබාදෙනු ලැබුවා. ඒ අනුව විද්වත් කෙටුම්පතක් සකස් කළා. එම වැඩපිළිවෙල අනුව සැප්තැම්බර් පළමුවන දින සිට නීති ක්‍රියාත්මකයි.

    මෙම පොලිතීන් නිෂ්පාදනවලට විකල්ප භාවිතයන් හඳුනවාදීමට මේ වනවිටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. නීති විරෝධි ලෙස මෙම පොලිතීන් වර්ග අලෙවි කරන්නන්ට එරෙහිව වැටළීම් ඉදිරියේ දී ක්‍රියාත්මක වෙනවා. එමෙන් ම ඉදිරියේ දී කිසිදු උත්සවයක පොලිතීන් සැරසිළි කිරීම ද සපුරා තහනම් වෙනවා.මෙම වැඩසටහන වසර 2018 වනවිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

     

    ලන්ච් ෂීට් දිනකට මිලියන 20ක්  භාවිතා කරනවා- මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

     

    මෙහිදී අඳහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසේන මහතා;කසළ වලට මූලිකව බලපා තිබෙන්නේ පොලිතීන් නිෂ්පාදනයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටළුවක් මෙය. මෙම ව්‍යාපෘතිය පෞද්ගලික එකක් නොවේ. කසළවලින් සියයට 10-15%ක් පොලිතීන් නිෂ්පාදනයි. ඩෙංගුවලටත් පොලිතීන් බලපානවා. අධ්‍යනවලට අනුව එක් පුද්ගලයෙක් වසරකට පොලිතීන් නිෂ්පාදන කිලෝ 5.72ක් භාවිතයෙන් ඉවත් කරනවා. ලන්ච් ෂීට් දිනකට මිලියන 20ක් භාවිතා කරනවා. ඒ නිසා දැන් විකල්ප සඳහා යොමු වීමට කාලය  පැමිණ තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya