අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල තුනක නව ඉදි කිරීම් සඳහා මිලියන 4416ක්

    ජූලි 12, 2017

    රජයේ විශ්ව විද්‍යාල තුනක ඉදි කිරීමට නියමිත නව ගොඩනැගිලි සඳහා රුපියල් මිලියන 4416ක මුදලක කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට ඊයේ (11) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ  අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.  

     

    ඒ අනුව, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛයාන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා මහල් 6ක ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා මිලියන 365ක් ද, කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සඳහා දේශන ශාලා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මිලියන 390ක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා මිලියන 3661ක් ද වෙන් කර ඇති බව මේ පිළිබඳව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

     

    මෙම ඉදි කිරීම් ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්  කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya