අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට යයි

    ජූලි 12, 2017

    උපාධිධාරීන් දිස්ත්‍රික් පදනම මත රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ඊයේ (11) කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත.

    ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා බඳවා ගතයුතු කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම පිණිස මෙම උපාධිධාරීන් බඳවා ගැනීමට යන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

     

    රජය මගින් සිදු කරනු ලබන සංවර්ධන වැඩසටහන්වල ඉලක්ක සපුරා ගැනිම සඳහා දත්ත හා තොරතුරු එක්රැස් කිරිම, වාර්තා සකස් කිරීම වැනි කාර්යයන් සඳහා මොවුන්ගේ සේවය ලබා ගැනීමට රජය තීරණය කළ බවද, ඇමතිවරයා කීය.

     

    වසරක පුහුණු කාලයකට යටත්ව මෙම උපාධිධාරීන් බඳවාගනු ලබන්නේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලබන හඳුනාගත හැකි පුරපුපාඩු පිරවීම සඳහාය.

     

    මේ පිළිබඳව යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමතිවරයා ද වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන බව ද ගයන්ත කරුණාතිලක ඇමතිවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya