අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ඖෂධීය තේ බෑග් නිෂ්පාදනය” පිළිබඳ එක් දින වැඩමුළුවක්

    ජූලි 12, 2017
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය  පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්තහිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.
     
    ඒ යටතේ “ඖෂධීය තේ බෑග් නිෂ්පාදනය” පිළිබඳ එක් දින වැඩමුළුවක් ජුලි 20දා පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා මොර‍ටුව ක‍ටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය දී පැවැත්වීමට කටයුතු  යොදා ඇත.
     
    මෙම තාක්ෂණ පුහුණු වැඩමුළුවේදී ඖෂධීය ශාක පිළිබඳ හැදින්වීම, ඖෂධීය තේ නිෂ්පාදන ක්‍රියාවලිය, දේශීය/ විදේශීය වෙළඳපළට ඉදිරිපත් කිරීම සම්බන්ධ ක්‍රියාවලිය, තත්ත්ව සහතික, ඇසුරුම් කිරීම, අවශ්‍ය යන්ත්‍ර පිළිබඳ හැදින්වීම පිළිබඳව දැනුවත් කරනු ඇත.
     
    මෙම වැඩසටහනට සහභාගිවිමට කැමැත්තක් දක්වන්නේ නම්  ජූලි 20 හෝ ඊට පෙර අධ්‍යක්ෂ, තාක්ෂණික සේවා අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 615, ක‍ටුබැද්ද, මොර‍ටුව යන ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ හෝ 0112 605 278 ට ඇමතීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට ඊ මේල් පණිවිඩයක් ලබා දීමෙන් හෝ ලියාපදිංචි විය හැක.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya