මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අපනයන උපායමාර්ගික ප්‍රතිපත්තිය - දෙවන ජාතික සම්මන්ත්‍රණය හෙට

    ජූලි 11, 2017
    ජාතික අපනයන උපායමාර්ගික ප්‍රතිත්තිය සැකසීම වෙනුවෙන් සංවිධානය කරන ජාතික මට්ටමේ දෙවන සම්මන්ත්‍රණය හෙට (12)දා සිට 20දා දක්වා කොළඹ දී පැවැත්වේ.
     
    අපනයන පුළුල් කිරීම සඳහා මාර්ග සිතියම නිර්ණය කිරීම සහ ඉලක්කගත ක්ෂේත්‍රයන් සඳහා අගයදාමයන්ගේ ප්‍රගතිය විශ්ලේෂණය, දෙළෙඳ දිශානතිය, අභියෝග සහ අවස්ථා හඳුනාගැනීම මෙම හමුව පැවැත්වීමේ අරමුණු අතර වේ.
     
    සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ මගපෙන්වීම මත මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කෙරේ.
     
    මෙරට ඉදිරි අපනයන වර්ධන චක්‍රය සැකසීම සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ නියෝජිතයන් 300කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා යුරෝපා සංගමය විසින් අරමුදල් සම්පාදනය කෙරෙන අතර ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ දායකත්වයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya