අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිය අනතුරු වැලැක්වීමට සියලු අංශ එක්විය යුතුයි - කාර්යසාධක බලකායක් අවශ්‍යයි

    ජූලි 11, 2017

    මාර්ග රිය අනතුරුවලට බහුලව ලක් වන්නේ තරුණ පිරිමි අය බවත් රිය අනතුරු පාලනය කිරීමට සියලු අංශ එකතු වූ කාර්යසාධක බලකායක අවශ්‍යතාවය පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය සමත් ධර්මරත්න මහතා පවසයි.

     ''රිය අනතුරු නිසා ජීවිත අහිමිවීම වලක්වා ගනිමු'' යන තේමාව යටතේ රිය අනතුරු වළක්වා ගැනීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කර ගන්නා සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මහාචාර්ය සමත් ධර්මරත්න මහතා මේ බව පැවසී ය.

    කොළඹ, 07, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ශ්‍රවණාගාරයේ දී අද (11) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

    මාර්ග අනතුරු නිසා අපි ගමනක් ගොස් ගෙදර එනවද කියලා සැකයක් තිබෙනවා.ශ්‍රී ලංකාවේ දැනට දිනකට රිය අනතුරු නිසා අට දෙනෙක් මරණයට පත් වෙනවා. සෑම පැයකටම වරක් දෙදෙනෙකු හෝ තිදෙනෙකු රිය අනතුරකින් තුවාල ලබනවා.

    සෑම ආයතනයක්ම රිය අනතුරු වැලැක්වීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි.රිය අනතුරුවලට  ලක්වන්නේ තරුණයින්. සමහර පවුල්වල ප්‍රධාන ආදායම් උපයන්නා මේ පුද්ගලයා වෙන්න පුළුවන්. එය පවුලේ ආදායමට බලපානවා.වසරකට 3000ක් පමණ රිය අනතුරුවලින් මිය යනවා.තරුණ පිරිමි අනතුරුවලට ලක්වීම ඉහළයි.රිය අනතුරුවලට හේතුව කුමක්දැයි තවදුරටත් සියා බැලිය යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළකට යා යුතුයි.රිය අනතුරු අවම කිරීමට සෑම අංශයක්ම සම්බන්ධ වූ කාර්යසාධක බලකායක අවශ්‍යතාවය පවතිනවා යැයි ද මහාචාර්ය ධර්මරත්න මහතා පැවසී ය.


    මෙහිදී අඳහස් දැක්වූ, කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය අධ්‍යයනය අංශයේ කථිකාචාර්ය ආචාර්ය අචල ජයතිලක මහතා; මෙම රිය අනතුරුවලට බහුලව ලක්වන්නේ, වාහනයක්වත් නොමැති දුප්පත් අය.එම නිසා සියලු පාර්ශව එකතු වූ දඩි නීති සහිත වැඩපිළිවෙලකට ගමන් කළ යුතු බව සඳහන් කළේ ය.

    මේ අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී,මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය ද එක් වූවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya