අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදු දහමට නිසිතැනි දෙන ව්‍යවස්ථාවක් - විදේශ ඇමැති

    ජූලි 11, 2017

    බුදු දහම ආරක්ෂා කොට පෝෂණයකර, ඊට නිසි තැන හා ගෞරවය ලබා දී, ඒකීය පාලන තන්ත්‍රයක් සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයකට අවතීර්ණ වීම සම්මුතිවාදී රජයේ ප්‍රධාන අරමුණ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ පොලීසිය හා ත්‍රිවිධ හමුදාව කිසිදු මොහොතක පාවදීමට අප සුදානම් නැති බවයි.


    අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ දිවංගත වී. ඒ. සුගතදාස මහතාගේ 44වන ගුණානුස්මරණ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි. ගුණානුස්මරණ උත්සවය ඊයේ (10) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල පිහිටි සුගතදාස මහතාගේ පිළිරුව අභියසදී පැවැත්විණි. ඒ මහතා ප්‍රකාශ කළේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු ලෙස   වී. ඒ. සුගතදාස මහතා, රටට සිදු කළ සේවාව සදානුස්මරණීය වන බවයි.

    ජාතිවාදය ඇවිස්සීමෙන් රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, දැන් එළඔ ඇත්තේ සියලු ජාතීන් ඉදිරියට යා හැකි ශක්තිමත් පාලන තන්ත්‍රයක් බවත් කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya