අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමනිලධාරීන් වෙත ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 11, 2017

     පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් වෙත ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙවරුවේ පොළොන්නරුවේදී පැවැත්විණි.

     
    විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් ''ස්මාර්ට් සමාජ කව'' වැඩසටහන යටතේ මෙම ටැබ් පරිගණක යන්ත්‍ර පිරිනැමීම සිදුවන අතර, එය සංකේතවක් කරමින් තමන්කඩුව, දිඹුලාගල හා හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරන ග්‍රාම නිලධාරීන් හා ග්‍රාමීය නියෝජිතයින් කිහිපදෙනෙකු වෙත ජනාධිපතිතුමා අතින් ටැබ් පරිගණක යන්ත්‍ර පිරිනැමීම සිදුවිය. 
     
    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න ඇතුඑ මැති ඇමතිවරු පිරිසක් ද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපතිනි චිත්‍රාංගනී මුබාරක් මහත්මිය ඇතුඑ නිලධාරීන් ද එක්විය.
     

    ( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya