අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු වළක්වාගැනීමට පුරවැසි යුතුකම් ඉටුකළ යුතුයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ජූලි 10, 2017
    ඩෙංගු රෝගය වළක්වාගැනීම මදුරුවන් පළවාහැරීම තුළින් ම පමණක් සිදුකරගත නොහැකි බවත් ඒ වෙනුවෙන් පුරවැසි යුතුකම් ඉටුකළ යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරයි.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (10) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.
     
    රෝගීන්ගේ ප්‍රමාණයේ වැඩිවීම හරහා මරණ සංඛ්‍යාව අඩුකිරීම සිදු කිරීම අපහසුබව පෙන්වාදෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා සෑම මරණයක් ම සිදු ව ඇත්තේ ප්‍රමාද වී ප්‍රතිකාර සඳහා යොමුවීම නිසා බවත් පෙන්වා දුනි.
     
    මේ වන විට ඩෙංගු රෝගීන් 80,000ක් පමණ ද, රෝගීන් 250කට අධික සංඛ්‍යාවක් ද වාර්තා වී ඇත.
     
    තමන් පමණක් නොව අනිත් කෙනාද ආරක්ෂා විය යුතුයි කියන මතයේ සිට කටයුතු කළ යුතු යැයි ද පාකිස්ථානය ඩෙංගු තුරන් කරගත්තේ එම ක්‍රමය අනුගමනය කිරීම හරහා බවත් කලාපයේ සෙසු රටවල් හා සැසඳීමේ යම් තරමක හොඳ මට්ටමක ශ්‍රී ලංකාව සිටින බවත් වැඩිදුරටත් පෙන්වා දුනි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya