අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පවුල් සැලසුම් වැඩසටහනේ පළමු සමාලෝචන වාර්තාව එළිදක්වයි

    ජූලි 10, 2017
    පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම හඳුනාගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ ජාතික පවුල් සැලසුම් වැඩසහනේ පළමු සමාලෝචන වාර්තාව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රිට්සු නකේන් මහත්මිය වෙත භාරදීම අද (10) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී සිදු විය.
     
    හෙට (11)ට යෙදෙන ලෝක ජනගහන දිනය වෙනුවෙන් පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී මෙම වාර්තාව එළිදැක්විය. ලෝක ජනගහන දිනයේ මෙවර තේමාව වී ඇත්තේ "අරුත්බර පවුලක්, සරුසාර හෙටක් යන්නයි". 
     
    පවුල් සැලසුම් ක්‍රමයන් හරහා ජනගහන වර්ධනය සීමාවනබවට ජනතාවගේ මතයක් පවතින බවත් ආරක්ෂාකාරීව හා ස්වේච්ඡාවෙන් පවුල් සැලසුම් ක්‍රම සඳහා ප්‍ර වේශවමීට හැකිවීම මානව අයිතිවාසිකමක් බවත් පෙන්වාදෙන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රිට්සු නකේන් මහත්මිය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රවර්ධනය කිරීමට සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ දී මෙය ඉතා වැදගත් වන බවත් දරිද්‍රතාවය අඩුකිරීමට සඳහා ප්‍රධාන සාධකයක් බවත් පෙන්වා දුන්නාය.
     
    2030 වසරේ දී තිරසර සංවර්ධන අරමුණ ජයගැනීම සඳහා කාන්තාවගේ සහ තරුණ ජනතාවගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සහ අයිතිවාසිකම් කොතරම්දුරට සුරක්ෂිතවන්නේද යන කරුණ පිළිබඳ ව මෙන් ම මෙම ක්‍රියාවලියේ දී සියලු ම දෙනා අන්තර්ගතවීම තීරණාත්මක බලපෑමක් ඇති කරනු ලබන බවත් නියෝජිතවරිය පැවසීය.
     
    පවුල් සැලසුම් කිරීම මානව අයිතිවාසකමක් වන අතර මෙමගින් කාන්තාවකට තමන් ගර්භණීභාවයට පත්විය යුතු ද එසේ නම් ඒ කුමන අවස්ථාවේදී ද සහ කොපමණ වතාවක්ද යන්න තීරණය කිරීම අවස්ථාව සැලසෙන අතර ම පවුල් සැලසුම් මගින් කාන්තාවකට ඇයගේ ශරීරය සහ ඇයගේ අනාගතය පිළිබඳ ව දැනුම්වත් තීරණ ගැනීම සඳහා සවිබල ගැන්වීම තුළින් සෞඛ්‍යමත් සහ ආරක්ෂාකාරී ජීවිතයක් ගතකිරීමටත්  ජාතික ආර්ථිකයේ සංවර්ධනයට තම දායකත්වය ලබාදීමට අවස්ථාව උදාවන බවද පෙන්වා දුන්නාය.
     
    පවුල් සැලසුම් ක්‍රමයන් ඉතා විනාශකාරී බවට ඇතැමුන් විශ්වාස කරන බවත් දැනුම මෙන්ම අවබෝධයෙන් යුතු ජනතාවක් සිටියද කොතරම් දැනුමින් පොහොසත් වුවත් අවබෝධයෙන් කටයුතු නොකිරීම හේතුවෙන් ප්‍රශ්න ඇති වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
     
    වැඩිවන ජනගහනය පාලනය කිරීමේ කටයුත්ත ස්වභාව ධර්මයෙන් ද සිදුවන බවත් පවුල් සැලසුම් ක්‍රමයන් හරහා පවුලක දරුවන් සංඛ්‍යාව සීමා කිරීම නොවන බවත් වරදවා අර්ථවිග්‍රහය මෙන් ම වටහාගැනීම ඒ තරම් සුදුසු දෙයක් නොවන බවත් පෙන්වාදෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි ඇති සංවේදිභාවය නිසාම එදෙස විද්‍යානුරූපීව මෙන් ම යථානුරූපීව බැලිය යුතු යැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya