අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර වැළැක්වීම සඳහා මහා ජලාශයක් - අමාත්‍ය වජිර අබේවර්ධන

    ජූලි 10, 2017

    ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර වැළැක්වීම සඳහා මහා ජලාශයක් ඉදි කිරීමට ලබන වසරේ ජනවාරි 08 වැනිදා වැඩ ආරම්භ කිරීමට තමන් සූදානම් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවැසුවේ පසුගියදා ඇතිවූ ගංවතුරින් විපතට පත් ගාල්ල, නෙළුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජනතාව සඳහා රුපියල් දස දහස බැගින් නිවාස ඉදිකිරීම් සඳහා අත්තිකාරම් ලෙස චෙක්පත් ලබාදීමේ අවස්ථාවට   එක් වෙමිනි.

    නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 7 ක නිවාස 240 ක් වෙනුවෙන් ද, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 23 ක නිවාස 1592 ක් වෙනුවෙන් ද  මෙම ආධාර ලබාදීම සිදු වෙයි.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතින් මෙලෙස චෙක්පත් ප්‍රදානය කෙරුණේ සංඛේතාත්මකවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “මං පැහැදිලිව කියනවා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති වුණු මේ මහා ගංවතුර අපිට නවත්වන්න පුළුවන් බව. ගිං ගඟ හරහා රන්දෙණිගල වගේ පටු, උසින් වැඩි මහා වැව් බැම්මක් ඉදි කළ යුතුව තිබෙනවා. එතකොට මහා ජලාශ්‍රයක් ඉදි වෙයි.ඒ ජලාශ්‍රයෙන් විදුලිය මෙගාවොට් 50- 60 ක් නිපදවන්න පුළුවන් වෙයි. කුඹුරු අස්වද්ද ගන්න පුළුවන් වෙයි. දැන් අපි මෙවැනි ඛේදවාචකයක් සිදුවන වේලාවේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මේ වගේ ඛේදවාචකයෙන් මිදෙන්න අපට මේ වැඩේට උදවු කරන්න කියලා. හැබැයි ජාතියක් හැටියට අවාසනාවට අපි සියලු දෙනාම කැකෝ ගහගත්තා මිසක්, වැඩේ පටන්ගන්න යනකොට කවුරු හරි ඇවිල්ලා බෝඩ් ලෑල්ලක් අල්ලලා විරෝධය පානවා මිසක්, වැඩේ කරන්න කවුරුවත් සහයෝගය දුන්නේ නෑ.  1977 පසු මහවැලි ගඟ අට පොළකින් හරස් කරලා වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, ඉඟිනිමිටිය, මාදුරුඔය, කොත්මලේ, පොල්ගොල්ල හැදුවා.

    ගංවතුර නැවතුනා. ඒ නිසා ඒ ප්‍රදේශවල අයට බත් පැකට්, වියලි සලාක අරගෙන දුවන්න ඕන නැහැ. දැන් බලන්න කොත්මලේ ජලාශය ඉඳිකරන්න කලින් පේරාදෙණිය, ගැටඹේ යට උනා. ඒක වුනේ ඒ කාලේ. ජලාශය හැදුවට පස්සේ ඒ යට වීම නැවතුනා. දැන් බලන්න කොත්මලේ ජලාශය ඇති කරන්න කලින් ස්ථාන ගණනාවක් යට උනා. ඒත් කොත්මලේ ජලාශය හැදුවට පස්සේ ඒ නගර යට වීම නැවතුනා.

    ගම්පොළ නගරය 1947 මහා ගංවතුරට යට වුණා.දැන් යට වෙන්නේ නැහැ. ඇයි? මහා ජලාශ හදපු නිසා.ඔබ සයෝගය දෙනවා නම්, අපට පුළුවන් මහා ජලාශ හදන්න.ඒ තුළ ඔබේ ඉඩමට, වගාවට, පරිසරයට වැඩි වටිනාකමක් ලබාදෙන්න පුළුවන් වෙයි. මේ වන විට ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ඒ සඳහා අවශ්‍ය මූලික වැඩකටයුතු කර ගෙන යනවා. එහෙම වැඩ කටයුතු කර ගෙන යන විට සමහර විට කුමන හෝ රටක් තෑග්ගක් ලෙස ජලාශය ඉදි කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙයි.&ඣුඔට්; යැයි කීය.

    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක, ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya