අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු පනත ගැන උතුර දැනුම්වත් කරයි

    ජූලි 09, 2017

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළු දෙකක් පසුගියදා යාපනයේදී පැවැත්විණි.

    මෙම පනත පිළිබඳ රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරනු ලබන අතර ඊට සමගාමීව මෙම වැඩමුළුව පැවැත්විණි. දිවයිනම ආවරණය වන පරිදි රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළු පැවැත්වීම මේ වන විට ආරම්භ කර තිබේ.

    මෙම වැඩමුළු සඳහා යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාම සහ වව්නියාව නියෝජනය කරමින් පළාත් රාජ්‍ය නිලධාරින් සහ මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියහ.

    මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මිය, අධ්‍යක්ෂ ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    RTI workshop northern provincial

     

    RTI workshop northern provincial.jpg 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya