මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරකයන්ගේ වැඩි කැමැත්ත ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයටයි

    ජූලි 09, 2017

    ලෝක සංචාරක ව්‍යාපාරය දෙස බැලීමේදී විදෙස් සංචාරකයන් වැඩි කැමැත්තක් ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය කෙරෙහි දක්වන නව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.


    අහුන්ගල්ල, තොටවත්ත මාදැල් වරායේ මාදැල් වාඩිය බලහත්කාරයෙන් ඉවත්කිරීමට ගත් පියවර දැඩි ලෙස හෙළ දකින බව ද අමාත්‍යවරයා පැවසී ය.

    සිද්ධීය දැනගත් වහාම ඒ පිළිබදව සොයාබැලූ අවස්ථාවේදී දැනගැනීමට ලැබුනේ අදාළ මාදැල් වාඩියට 2017 වසර වෙනුවෙන්  අවසර ලබා නොගැනීමේ හේතුව  මත මෙය ඉවත් කරණ බව යැයි කියා සිටි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එවැනි හේතුවක් මත පදනම් ව ධිවරයාගේ අයිතියක් විනාශ කිරීමට කටයුතු කිරීම ධීවර කර්මාන්තයටම එල්ල කරණ ලද මරු පහරක් ලෙස සැළකිය යුතු බවය.

    “ මාදැල් ධීවර කර්මාන්තය යනු මෙරට ධීවර කර්මාන්තයේ පාරම්පරික පන්න ක්‍රමයයි. වත්මන් යහපාලන රජය බලයට පත්වීමත් සමග සුන්දර වෙරළ තීරය ආරක්ෂා කරගනිමින් සංචාරක කර්මාන්තය හා බැදුණු ධීවර කර්මාන්තය උදෙසා“ නීල ආර්ථිකය”යටතේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. විදෙස් සංචාරකයන්ද ආකර්ෂණය කර ගැනීමට මෙම මාදැල් ධීවර කර්මාන්තය උපයෝගී කර ගත හැකියි.”

    “ එබැවින් මෙරට ධීවර කර්මාන්තය රැකගනිමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා කටයුතු කරමින් සිටියදී මෙවැනි සිද්ධීයක් වීම කණගාටුවට කරණක් .”

    “ එලෙසම මාදැල් කර්මාන්තය පිළිබද කටයුතු කිරීමේ බලතල පවරා තිබියදී මෙම මාදැල් වාඩිය සම්බන්ධයෙන් දැනුම් දීමට හෝ ඒ පිලිබදව සාකච්ඡා කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම  මෙවැනි තත්වයක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුවකි.”

    අදාළ ගැටළුව සාකච්ජා මාර්ගයෙන් විසදාගැනීමට හැකියාව තිබියදී ධීවර ජනතාව අපහසුතාවට පත්කරමින්  අවස්ථාවේදී කටයුතු කළ ආකාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, මෙම සිද්ධීයෙන් පිඩාවට පත් ධීවර ජනතාවට සාදාරණය ඉෂ්ඨ කිරීමට රජය සමග සාකච්ජා කර කඩිනමින් කටයුතු කරණ බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.

    රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පෙන්වා දුන්නේ “නීල ආර්ථික”  වැඩපිළිවෙල යටතේ බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමට සැලසුම් කර එම කටයුතු කරගෙන යන්නේද ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය එක් මාවත ගමන් කළ යුතු බැවින් බවය.

    සාගර සම්පත හිමි ලෝකයේ බොහෝ රටවල් මෙම කර්මාන්ත දෙකම එකකට එකක් නොදෙවෙනි ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරණ බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියා සිටියේ  දුන්නේ ය.

    එබැවින් මින් මතුවට හෝ ධීවර කර්මාන්තයට වන මෙවැනි හානි අවම කර ගනිමින් කටයුතු කිරීමට සියළු පාර්ශව අවදානය යොමුකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya