අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ

    ජූලි 09, 2017

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිවිල් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා විවිධ ප්‍රජා සේවාවන් රැසක් සිදුකරමින් පවතී. එහි එක් ප්‍රජා සේවාවක් ලෙස මාරාන්තික වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමද හදුන්වා දිය හැක. ඒ අනුව තණමල්විල ප්‍රදේශයේ කිලිබුන්න ගම්මානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය  ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂක (ඌව), ජගත් පුෂ්පකුමාර මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කරන ලදී.

    මෙම ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 120 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව උදා වනු ඇත. මේ සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මුල්‍ය දායකත්වය සපයා ඇත.

    නාවික හමුදාධිපතිතුමාගේ උදාරතර සංකල්පයට අනුව වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම සමාජ මෙහෙවර උදෙසා දැඩි කැපවීමකින් කටයුතු කරනු ලබයි. එහි කාර්යක්ෂම බව හේතුවෙන් ඉතා කෙටි කලක් තුල අවම පිරිවැයක් දරමින් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 226 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇත. එමගින් පවුල් 107,510  කට හා පාසැල් දරු දැරියන් 80,185 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු කර ඇත.

    තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී. එමෙන්ම  නාවික හමුදාව විසින් දියත් කර ඇති මෙම සමාජ සත්කාරක වැඩසටහන ඉදිරියේදී වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරිමේ කර්තව්‍ය උදෙසා මහත් රුකුලක් වනු ඇත.

    navy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya