සෞඛ්‍ය සේවා පහසුකම් සලසන ආයතනවලට ස්වකීය සෞඛ්‍ය තොරතුරු කළමනාකරණය හා ප්‍රවර්ධනය සඳහා පියවර ගැනිමට යොමු කරන ප්‍රධානතම ලේඛණය වශයෙන් මෙම ප්‍රතිපත්ති ක්‍රියා කරනු ඇත. දැනට පවතින සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ක්‍රමානුකූලව සහ සුදුසු පරිදි ඉලෙක්ට්‍රොනික පද්ධතියකට පරිවර්තනය කිරීම මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාවලිය තුලින් සිදු කිරීමට නියමිතය. තවද, තොරතුරු පද්ධතිවල කාර්යක්ෂමතාවයේ හා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනයක් ද මෙමගින් බලාපොරොත්තු විය හැක.
මෙහි ඇති ප්‍රධාන කොටස් ලෙස දැක්විය හැක්කේ සෞඛ්‍ය තොරතුරු සම්බන්ධ සම්පත්, දර්ශක හා දත්ත අංග, සේවා දායක පෞද්ගලිකත්වය, රහස්‍යභාවය හා ආචාරධර්ම, විද්‍යුත් සෞඛ්‍ය හා නවෝත්පාදනය යන කාරණාය.
මේ වන විට සෞඛ්‍ය තොරතුරු පද්ධතියේ ප්‍රධාන දුර්වලතාවයන් කිහිපයක් හඳුනාගෙන ඇත. තොරතුරු කළමනාකරණය සඳහා පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති වීම, සෞඛ්‍ය තොරුතුරු අවශ්‍ය පරිදි හුවමාරු නොවීම, තීරණ ගැනීමේදී තොරතුරුවල ගුණාත්මකභාවය පිළිබඳ ඇති අඩු ලුහුඬුකම් යනාදිය මෙහිදී ප්‍රමුඛ වේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ තොරතුරු සංස්කෘතියක් ඇති කිරීමට ඇති මෙම බාධා අවම කිරීමේ අරමුණින් මෙම ජාතික ප්‍රතිපත්තිය එළි දක්වනු ලැබීය.
2017 ජනවාරි මස 03 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම ජාතික ප්‍රතිපත්තිය සඳහා අනුමැතිය ලැබ ඇති අතර සෞඛ්‍ය,පෝෂණ හා දේශීය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රමුඛත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය තොරතුරු ඒකකය විසින් මෙම ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය තොරතුරු සම්බන්ධ සම්පත් භාවිතය, නිර්ණායකයන් හා ඊට අදාල දත්ත, දත්ත හා තොරතුරු කළමනාකරණය, දත්ත හා තොරතුරු භ ාවිතයේදී පුද්ගලිකත්වය, රහස්‍ය භාවය හා ආරක්ෂාව සහතික කිරීම හා විද්‍යුත් සෞඛ්‍ය හා නව්‍යකරණය යන මාතෘකා පහ ඔස්සේ මෙම ප්‍රතිපත්ති මාලාව සම්පාදනය වී ඇත.
මෙම ප්‍රතිපත්තිය මඟින් වඩා විශ්වාසදායී තොරතුරු පද්ධතියක් ඇති කිරීමට අමාත්‍යංශය විසින් අපේක්ෂා කරනු ලබයි. එමඟින් සාමාජීය වශයෙන් රෝගියා මුල්කරගත් තොරතුරු පද්ධතියක් බිහි කිරීමට ද අවකාශ සැලසේ. ඒ අනුව දත්ත පාලනය, එකතු කිරීම, බෙදා හැරීම සහ සෞඛ්‍ය දත්ත ගබඩා කිරීම සම්බන්ධ ගැටළු විසඳා දත්තවල ආරක්ෂාව සහ රහස්‍ය භාවය රැකගැනීමට මෙම ප්‍රතිපත්තිය මඟින් හැකි වනු ඇත. එමඟින් තිරසාර සෞඛ්‍ය තොරතුරු පද්ධතියක් හා ගුණාත්මක සෞඛ්‍යය සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට අරමුණු වේ.