නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සාකච්ඡා මට්ටමේ - ඇමැති රාජිත

    ජූලි 05, 2017

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කිරීම සම්බන්ධයෙන් කෙටුම්පතක් සකස් කර නොමැති බවත් ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවත් මස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මෙම නව ව්‍යස්ථාවේ කෙටුම්පත සකස් කිරීම සාකච්ඡා කිරීමට කමිටු 6ක් පත් කර තිබෙන අතර එම කමිටු 6හි වාර්තා 6 ද සාකච්ඡා කරමින් කෙටුම්පතක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ සියලුම පක්ෂවල එකඟතාවය මත නව ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කෙරෙන බවයි.

    මහජන නියෝජිතයන් ලෙස පුළුල් අදහස් සහිත ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya