නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞදි ආරබියානු රජ කුමරු විදේශ ඇමැති හමුවෙයි

    ජූලි 04, 2017

    නිල සංචාරයක් සඳහා සෞදි අරාබියානු Royal Highness Alwaleed Bin Talal Abdulaziz AL Saud, කුමරු  දිවයිනට පැමිණෙයි.

    නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණි සෞදි අරාබියානු Royal Highness Alwaleed Bin Talal Abdulaziz AL Saud කුමරු හා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර විශේෂ හමුවක් අද (04) දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    විදේශ කටයුතු අමාත්‍ය  රවී කරුණානායක මැතිතුමාගේ  නිල ආරාධනාවකට අනුව සෞදි Royal Highness Alwaleed Bin Talal Abdulaziz AL Saud කුමරු ඇතුළු පිරිස දිවයිනට පැමිණියහ.

    එකළොස් දෙනෙකුගෙන් සමන්විත මෙම සෞදි අරාබියානු දුත පිරිස විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැය භාගයක පමණ වේලාවක් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාව හා සෞදි රජය අතර, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ශක්තිමත් කර ගැනීමට අදාළ කරුණු මෙහිදී අවධානයට ගැණින.

    මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya