නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට ලක්වූ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ ණය අත්තිකාරම් මුදලක්

    ජූලි 04, 2017
    2017 මැයි මාසයේ දී දිවයිනේ විවිධ ප්‍ර දේශවල අධික වර්ෂාව නිසා ඇති වූ ජල ගැලීම්, ගංවතුර හා නායයාම් හේතුවෙන් විපතට පත් රාජ්‍ය නිලධාරීන්ට පොලී රහිත විශේෂ ණය අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.
     
    ඒ අනුව මෙම විශේෂ ණය අත්තිකාරම් මුදල ස්ථීර නිලධාරීන් සඳහා සිය මාසික වැටුප මෙන් හය ගුණයක ප්‍රමාණයකට සමාන මුදලක් ලබාදෙන අතර එම මුදල සමාන මාසික වාරික 36කින් ගෙවිය යුතු ව ඇත. තාවකාලික හෝ අනියම් නිලධාරීන් සඳහා සිය මාසික වැටුප මෙන් තුන් ගුණයක ප්‍රමාණයක් ලබාදෙන අතර එම මුදල සමාන මාසික වාරික 18කින් ගෙවිය යුතුව ඇත.
     
    රජයේ ස්ථීර නිලධරයන් සඳහා මෙම විශේෂ ණය අත්තිකාරම් මුදල් ලබාගැනීම සඳහා ඇපකරුවන් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර තාවකාලික හා අනියම් පදනම මත සේවයේ යෙදී සිටින නිලධරයන් මෙම ණය අත්තිකාරම් මුදල ලබාගැනීම සඳහා එක් ඇපකරුවෙකු ඉදිරිපත් කළ යුතුය.
     
    මෙම විශේෂ අත්තිකාරම් මුදල් ගෙවීම අගෝස්තු 31න් අවසන් වන අතර මේ පිළිබඳ ව චක්‍රලේඛය හා ඉල්ලුම්පත්‍රය www.pubad.gov.lk වෙබ් අඩවිය වෙතින් ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya