අයහපත් කාලගුණය හේතුවෙන් කල් දමන ලද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය- 2016(2017) විභාගය ලබන 09 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර 2017.06.22 වැනි දින තැපැල් කොට යාවා ඇති අතර ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංක ඔස්සේ විමසීම් සිදු කළ හැකිය.
දූරකතන අංක - 0112785230/0112177075
ක්ෂණික ඇමතුම්- 1911 (පැය 24 පුරා)