මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊළඟ පරපුර වෙනුවෙන් හොඳ ගමනක් යා යුතුයි - ස්වදේශ කටයුතු ඇමැති

    ජූලි 03, 2017

    සැකයෙන් සිටි පුද්ගලයින් තමන් කැමති ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකට එකතුවී මුලතිව් දිස්ත්‍රික්කයේ දියුණුව සඳහා වැඩ කරන ලෙසත්, ඒ තුළ ඉදිරියට යනවා මිස පසුපසට යෑම යහපත් නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේදී පැවැති මුලතිව් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවාවට පසුගියදා සහභාගි වෙමිනි.

     

    "ත්‍රිවිධ හමුදාව ප්‍රජාතන්ත්‍රවාදීව පත් වන ආණ්ඩු ආරක්ෂා කරන්න බැඳීල ඉන්නවා. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ කාලයේත් අපේ පළාත්වලත් සන්නද්ධ බලකායවල් තිබුණා. ඔවුන් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ පළාත්වල අයටත් පාර්ලිමේන්තුවට යන්න පුළුවන්.  කිසිම බාධාවක් නැහැ. සැකය, අවිශ්වාසය පැමිණියාම මෙවැනි දේවල් සිදු වෙනවා. මේ සියල්ල අමතක කර, ඊළඟ පරපුර වෙනුවෙන් හොඳ ගමනක් යන්න ඕන. සැකය අවුරුදු දහස් ගණනක් අරන් ඇවිත් තියනවා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මට මේ දිස්ත්‍රික්කයේ භාර දුන් කටයුත්ත ඒ ආකාරයටම ඉටු කරනවා. ඒ සඳහා ඔබගේ සහයෝගය අවශ්‍යයි" යැයි  අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    මෙම අවස්ථාවේදී මුලතිව් දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරු  සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කළ අතර ප්‍රතිලාභීන්ට ඇස් කණ්ණාඩි 500 ක්, ඉඩම් ඔප්පු, ගැබිනි මවට උත්තම පූජා වැඩසටහන යටතේ පෝෂණ මුද්දර, සමෘද්ධි අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීම්, සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ උපකරණ ලබාදීම්, රෝද පුටු, කිහිලිකරු, අත්වාරු ඇතුළු තවත් ප්‍රදානයන් රැසක් සිදු විය.

     

    මුලතිව් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයට සමගාමීව රුපියල් ලක්ෂ 210 ක වියදමකින් ඉදි කිරීම් නිම කළ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයද අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමද මෙදින ම සිදු විය.

     

    මෙම අවස්ථාව සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිඩ්නි ජයරත්න, කාදර් මස්තාන්, ශාන්ති සිරිස්කන්ධරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන කේ.වී.කමලේෂ්වරන්, රවීහරන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේතීස්වරන් යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya