අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ඉදිකිරීම් සමුළුව අදින් අවසන්

    ජූලි 02, 2017

    6 වන ලෝක ඉදිකිරීම් සමුළුව පසුගියදා කොළඹ, ගලධාරි හෝටලයේදී ආරම්භ වූ අතර, එය  අද (02) දිනෙන් අවසන් වේ.

    මෙහි සමාරම්භක අවස්ථාවට  ප්‍රධාන ආරාධිතයා වශයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහභාගී විය.

    ‘What's New and What's Next in the Built - Environment sustainability Agenda?’. යන්න මෙවර මෙහි තේමාව වේ.

    මෙම සමුළුව  මොරටුව විශ්විද්‍යාලයේ ගොඩනැඟිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව සහ  ගොඩනැගිලි ආර්ථික විද්‍යා කළමනාකරණ හා පර්යේෂණ ඒකකය එක්ව සංවිධානය කරයි.

    තිරසාර ඉදි කළ පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ලොව පුරා තිරසාර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පර්යේෂකයන් සහ වෘත්තිකයින් සඳහා‍ මෙවර මෙම සමුළුවේදී  විශේෂ වේදිකාවක් සපයනු ලැබේ.

    ඉදිකිරීම් ක්ෂේත්‍ර‍ය හා සම්බන්ධ විදේශීය නියෝජිතයින් 100 කට අධික සංඛ්‍යාවක් සහ දේශීය නියෝජිතයින් 200 කට අධික පිරිසක් මෙම සමුළුවට සහභාගී වී සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya