අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියාවේ සාමය ගොඩනැගීම පිළිබඳ සම්මන්ත්‍රණය ඇරඹේ

    ජූලි 02, 2017

    ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිහිපයක් එකතුව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹදී ආරම්භ විය.

    පශ්චාත් යුධ සමයක සංහිදියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ආසියාතික අත්දැකීම් හා සංසන්දනය කිරීම මෙහි අරමුණයි. දෙස් විදෙස් විද්වතුන්, දේශපාලන නායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
     
    මෙහි සමාරම්භක දේශනය ඉදිරිපත් කල ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ සභාපතිනිය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වත්මන් රජය විසින් සංහිදියාව හා සංවර්ධනය ප්‍රමුඛ කොට සලකන බවත් ඒ සඳහා ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජය කැපව සිටින බවත් පැවසුවාය.

    දශක ගණනාවක ගැටුම්වලින් පසුව රටක් හැටියට අනාගතය දෙසට සුබවාදීව ප්‍රගතිශීලි ගමනක යොමුව සිටින මෙවන් මොහොතක අප සමාජය තවදුරටත් කැඩී වෙන් වීමට ඉඩ නොදී යහපත් එකමුතු රටක් ගොඩනැගීමට අප සියලු දෙනාම ක්‍රියා කළ යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya