අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය වන්නේ නැහැ- සෞඛ්‍ය ඇමැති

    ජූලි 02, 2017

    අක්ෂි කාච නොමිලයේ ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අක්ෂි කාච 89,000 ක් ආනයනය කළ බවත් එම ඉල්ලුම අද වනවිට එක් ලක්ෂ 50,000 දක්වා වැඩි වී තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රුපියල් මිලියන 300 ක වියදමින් රත්නපුර මහ රෝහලේ සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය රජය සමයේ අධ්‍යාපනයට වෙන් කර තිබුනේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.75 ක් පමණයි. වත්මන් රජය එය ඉහළ දැමුවා. සෞඛ්‍යයට වෙන් කර තිබූ සියයට 1.8 ක මුදල සියයට 3 දක්වා වැඩිකර තිබෙනවා. පොරොන්දු වූ ප්‍රතිශතයට වඩා ඉහළ අගයකට ගෙනඑමින් 2017 වසරේ දී එය සියයට 3.24 දක්වා වැඩි කළ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    සියලු සරසවි සිසුන්ට නේවාසිකාගාර 2018 වන විට සාදන බවත් සබරගමුව විශ්වවිද්‍යාලය මගින් රත්නපුර මහ රෝහල කේන්ද්‍ර කර ගනිමින් වෛද්‍ය පීඨයක් සාදන අතර මොරටුව විශ්වවිද්‍යාලයෙත් වෛද්‍ය පීඨයක් සාදන බව ප්‍ර‍කාශ කළ අමාත්‍යවරයා කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට බදවා ගන්නා සිසුන් සංඛ්‍යාව 150 සිට 300 දක්වා වැඩි කරන බව ද සඳහන් කළේය.

     එම නිසා කාටවත් ඇගිල්ල දිගු කරන්න බැහැ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවා කියලා. අද සිටින වෛද්‍යවරු වගේ තුන් ගුණයකට වැඩි වෛද්‍යවරුන් අනාගතයේ අපට අවශ්‍යයයි. වෛද්‍ය අධ්‍යාපනය ගොඩනැගිය යුතුයි. සරසවි වරම් අහිමි වන වෛද්‍ය විද්‍යාවට තේරුණ සිසුන්ට දොර විවෘත කළ යුතුයි. එය වසා නොදැමිය යුතුයි. ලෝකයේ කිසිම රජයක් එම රටට අවශ්‍ය සියලුම වෛද්‍යවරු නිර්මාණය කර නැහැ. වෛද්‍ය සංචාරක සේවය ද ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනවා. තවත් නවීන පහසුකම්වලින් යුක්ත රෝහල් ඉදි කරනවා. ඒ සදහා ආයෝජන ලැබී  තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya