අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් පිරිසකට ඊශ‍්‍රායලයේ රැකියා

    ජූලි 02, 2017

    ඊශ‍්‍රායෙල් රාජ්‍යයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැකියාලාභීන් සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතින් පසුගියදා ප‍්‍රදානය කළාය.

    ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේදී මෙම ටිකට්පත් ප‍්‍රදානය කළ අතර, මෙහිදී රැකියාලාභීන් 26 කු සඳහා ගුවන් ටිකට්පත් හිමිවූහ.

    2017 වසරේ ජනවාරි සිට මේ දක්වා ශ‍්‍රී ලංකිකයින් 265 ක පිරිසක් ඊශ‍්‍රායෙල් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 2016 වර්ෂයේදී ලාංකිකයින් 369 දෙනෙකු ඊශ‍්‍රායෙල් කෘෂිකාර්මික රැකියා සඳහා පිටව ගොස් ඇති අතර 2015 වර්ෂයේ එම ප‍්‍රමාණය 85 කි. ඊශ‍්‍රායෙල් රැකියා සඳහා බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය විසිනි.

    විදේශ රැකියා අමාත්‍යවරිය පසුගිය වසරේදී ඊශ‍්‍රායෙල් රාජ්‍යයේ සිදුකළ සංචාරය අතුරතුරදී එරට ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා කළ අතර, එහිදී වැඩි වශයෙන් ශි‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් බඳවා ගැනීමට එකඟතාවය පළකොට තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2015 වර්ෂයට සාපේක්‍ෂව මෙසේ වැඩි ප‍්‍රමාණයක් ඊශ‍්‍රායෙල් රැකියා සඳහා පිටත් කිරීමට හැකිවී තිබේ.

    මෙහිදී අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, ඊශ‍්‍රායලයේ රැකියා සඳහා ගොස් තමන්ට නියමිත රැකියා ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු දිවයිනට පැමිණෙන ලෙසත්, ශ‍්‍රී ලාංකිකයින්ට ලැබෙන ඊශ‍්‍රායෙල් රැකියා රැකගැනීමේ වගකීම මෙරටින් රැකියා සඳහා යන පිරිස සතු වන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya