අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුලත්සිංහල ආපදාවට පත් වූවන්ට වන්දි ගෙවීමට ඇමැති උපදෙස්

    ජූලි 02, 2017

    ගංවතුර හා නායයාම්වලින් ආපදාවට පත්වූ බුලත්සිංහල ජනතාවගේ වන්දි ගෙවීම් කඩිනම් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    පසුගිය දිනවල සිදුවු නායයාම් හා ගංවතුර හේතුවෙන් ආපදාවට පත්වු බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීම් සහ ස්ථිර නිවාස ලබාදීමේ කටයුතු රජය කඩිනමින් ඉටු කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා 29 (ඊයේ) වෙනි  දින

    බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවති ආපදා කටයුතු සඳහා සහන සැලසීම පිළිබඳව පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ මෙතෙක් වන්දි නොගෙවූ අයට ඉදිරි සති දෙකක කාලය තුළ ගෙවා අවසන් කළ යුතු බවයි.

    එමෙන්ම අවතැන් වුවන් වෙනුවෙන් ඉඩම් පවරාගෙන ඔවුන්ට ඉඩම් ලබාදී කඩිනමින් ඔවුන් එම ස්ථානවල පදිංචි කළ යුතු බවද මේ සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය ක්‍රමවත් ලෙස කරන ලෙසත් අමාත්‍යවරයා අදාළ නිළධාරීන් දැනුවත් කළේය.

    විදුලිබල, මාර්ග හා පාලම් ඉදිකිරීම්, සනීපාරක්ෂක හා සෞඛ්‍ය සේවා ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සැපයීමට අදාළ ක්‍රමවේදයක්ද කඩිනමින් සකක් කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට බුලත්සිංහල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තුසිත කුලරත්න, බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් සිසිර කුමාර, මදුරාවල හා අගලවත්ත ප්‍රාදේශීය ලෙක්ම්වරියන් ද ඇතුළු නිළධාරීන් රැසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya