අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගමණික ශ‍්‍රමිකයින්ගේ දරුවන්ගේ ශිෂ්‍යත්ව සඳහා රු. ලක්ෂ 590 ක්

    ජූලි 02, 2017

    මෙම වර්ෂයේදී විදේශගත ශ‍්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සඳහා රුපියල් ලක්ෂ 590කට ආසන්න මුදලක් වෙන් කර ඇති අතර, මෙමඟින් දරුවන් 2976 දෙනෙක් වෙනුවෙන් ප‍්‍රතිපාදන වෙන් කර තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්  1996 දී මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇති මෙම වැඩසටහනේ පරමාර්ථය වන්නේ තම මව හෝ පියා විදේශ රැකියාවක නිරත වී සිටින කාලය ත මෙරට සිටින තම දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වෙමින්, ඒ සඳහා මූල්‍ය සහයක් ලබාදීමයි.  

    ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වූ විගමනික දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට සහාය වීමත් හා සුබසාධන කටයුත්තක් ලෙසත් මෙම විගමනික දෙමාපිය දරු ශිෂ්‍යත්ව ක‍්‍රමය මෙලෙස ක්‍රියාත්මක වේ.

    මේ අනුව 2016 වසරේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 876 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.15,000 බැගින් රුපියල් .13,140,000 ද,
    2015 වසරේ අ.පො.ස (සා/පෙළ) සමත් දරුවන් 1712 දෙනෙකු එක් අයෙකුට රු.20,000 බැගින්  රුපියල් රු. 34,240,000 ද,

    2015 වසරේ අ.පො.ස (උ/පෙළ) සමත්වී විශ්ව විද්‍යාල වරම් ලැබූ දරුවන් 388 දෙනෙකු සඳහා එක් අයෙකුට රු.30,000 බැගින් රුපියල් රු 11,640,000 ද වශයෙන් 2017 වර්ෂයේදී පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya