අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් රාජකාරී ආරම්භ කරයි

    ජූනි 30, 2017

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්  ධූරයට පත් ඩී.එම්.එල්. අයිවන් දිසානායක මහතා අද (30) දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යයාලයේදී සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1979- 1983 සිසු කණ්ඩායමේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය හදාරා දෙවන පෙළ (ඉහළ) සාමාර්ථයක් ලබා ගත් ඒ මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් වෘත්තීයන් සඳහා වන ඉංග්‍රීසි ඩිප්ලෝමාව ද සම්පූර්ණ කර ඇත. එසේම අයිවන් මහතා විසින් 1982 වසරේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මඟින් පවත්වනු ලබන වරලත් ආවසරික විභාගය ද සම්පූර්ණ කර ඇත.

     

    1984 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු (II ශ්‍රේණිය) වශයෙන් සේවයට බැඳුනු ඒ මහතා ඉන් පසුව ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු ශ්‍රේණියට උසස්වීම, නියෝජ්‍ය කොමසාරිස් තනතුරට උසස්වීම, කොමසාරිස් සහ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් තනතුරුවලට උසස්වීම යනාදී වශයෙන් උසස්වීම් ලබා ගත් ඔහු නව කොමසාරිස් ජනරාල්  ධූරයට පත්වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් - බදු පරිපාලන ( සංස්ථාපිත බදු- විශාල හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය) තනතුරෙහි කටයුතු කළේය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඒ මහතා කටයුතු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya