අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසරට වෘත්තීය පුහුණුව ලක්ෂ 02කට පමණ ලබාදිය යුතුයි - පී. රණේපුර

    ජූනි 30, 2017
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති ආයතන හරහා මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් පුහුණු කිරීම සිදු කරන අතර ම ඉදිරියේ දී එම ප්‍රමාණය ලක්ෂ 02ක පමණ මට්ටමකට ගෙනයා හැකි නම් ඉතා වැදගත් වන බවත් එමෙන් ම පාඨමාලා සංඛ්‍යාව යම් පමණකට වැඩි කිරීමට කටයුතු කළ යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් පී. රණේපුර මහතා පැවසීය.
     
    ඒ අනුව ඉදිරියේ දී පාඨමාලා විවිධාංගිකරණය කිරීම හරහා අවස්ථා ප්‍රමාණය වැඩි කිරීම ද කළ යුතු වන අතර ම නූතන අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් මේ සියලු දේ සිදු කළ යුතු යැයි ද ලේකම්වරයා පෙන්වා දෙයි.
     
    ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    සෞඛ්‍ය මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයන්ගෙන් ගත් කළ ලෝකයේ වෙනත් රටවල් හා සැසඳීමේ දී දියුණු රටවල මට්ටමේ අප පසුවුවත් වර්තමානය වන විට ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල අර්බුධකාරී තත්ත්වයක් මතුව ඇතැයි  ද ඒ මහතා කීය.
     
    රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා ම වසරකට 40% - 50%ක පිරිසක් කලා උපාධිය ලබාගැනීමෙන් අනතුරුව රැකියා ලබාගැනීම සනාථකරගැනීමේ හැකියාවක් නැතිබවට පත් ව ඇතැයි ද ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා ම අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට යා නොහැකි වී තිබෙන බවත් පෙන්වාදුන් ලේකම්වරයා වෘත්තීය මට්ටමින් යම් දෙයක් කළ හැක්කේ නිපුණතාවයෙන් යුතුවූවන්ට පමණක් බවත් පෙන්වා දෙයි.
     
    තම අමාත්‍යංශය යටතේ ආයතන 11ක් පවතින අතර ම ඉන් ආයතන 03ක් ම විශ්වවිද්‍යාල බව පෙන්වාදෙන ලේකම්වරයා මේ සෑම ආයතනයක් ම වෘත්තීය පුහුණුවට අදාළ වූ පාඨමාලා පමණක් ක්‍රියාත්මක කරන බවත් කීය. එමෙන් ම සෑම දෙයකටම යම් ක්‍රමවේදයක් තිබිය යුතු බවත් පාඨමාලා හැදෑරීමෙන් එළියට යැවිය යුත්තේ රැකියා නොමැති පුද්ගලයන් නොව රැකියා වෙනුවෙන් ම පුහුණු කළ පිරිසක් බවත් කීය.
     
    ඉදිරියේ දී නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය හරහා රටට කැපී පෙනෙන දායකත්වයක් ලබාදිය හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya