ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම හින්දු ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සෙබළුන් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් සිහිකිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරීමද මෙහිදී සිදු විය.
මෙම පූජෝත්සවය සඳහා ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් ඇතුළු මිය ගිය රණවිරු පවුල්වල සාමාජික/ සාමාජිකාවන් පිරිසක්ද සහභාගී වූහ.