නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය සුරැකෙන අයුරින් කටයුතු කරනවා - විදේශ කටයුතු අමාත්‍ය

    ජූනි 28, 2017
    රටේ ඒකීය භාවය හා බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම සුරක්ෂිතවන සේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ජත්‍යන්තරය හා ගනුදෙනු කරන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක මහතා ප්‍රකාශ කරයි.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා මහනුවර මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බැහැ දැක ආශීර්වාද ලබා ගත් අවස්ථාවේදීය. මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ද එක් ව සිටියේය.
     
    මුලින්ම  ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගත් රවී කරුණානායක මහතා සහ වසන්ත සේනානායක මහතා අනතුරුව අස්ගිරි මහ නායක අති පුජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැ දුටුවේය. අමාත්‍යවරු, අස්ගිරි මහ නායක හිමියන් බැහැ දුටු අවස්ථාවේ, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.
     
    එහිදී, මැදගොඩ ධම්මානන්ද හිමියන් පැවසුවේ අස්ගිරි මහ විහාර පාර්ශවය මගින් රටේ යම් යම් ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරමින් නිවේදනයක් නිකුත් කළේ රට නිවැරදි මාවතට යොමු කරවා ගැනීමට මිස ආණ්ඩු විරෝධී මතවාදයක් ඇති කිරීමට නොවන බවයි. සමහර පාර්ශවයන් මින් ප්‍රයෝජන ගෙන මහ සංඝරත්නය ඔවුන්ගේ ගොඩට දා ගැනීමට උත්සහ කරන බවක් පෙනෙන්ට තිබෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
    ජනපතිට හා අගමැතිට මහ සංඝරත්නයේ ආශීර්වාදය නිරතුරුව හිමිවන බවත් යම් වරදක් ඇත්නම් එය පෙන්වා දී රජය නිවැරදි මගට යොමු කිරීම සංඝරත්නයේ වගකීම බවත් උන්වහන්සේ කීහ.
     
    පසුගිය කාලයේ රජය විදේශ රටවල අවශ්‍යතාවන්ට නැඹුරුව ක්‍රියාකළ බවට රටේ මතයක් පවතින බවත් මෙම සිදුවීම් උළුප්පා දක්වමින් ගැටලුකාරී තත්ත්වයන් ඇති කිරීමේ සැලැසුම් ක්‍රියාත්මක වීමටද ඉඩ තිබෙන බවත් කී උන්වහන්සේ විවිධ පාර්ශව වෙතින් ප්‍රශ්න මතුවන විට ජනපති  හා අගමැති පීඩනයට ලක්වන බවත් එය සුදුසු දෙයක් නොවන බවද අවධාරණය කළහ.
     
    අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ රජය සෑම විටම මහ සංඝරත්නයේ අවවාද අනුශාසනා ගරු කරමින් කටයුතු කරන බවයි. වත්මන් රජය උපරිමයෙන් ප්‍රජතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම තුළින් ඇතමුන් වැරදි ප්‍රයෝජන ගැනීමට උත්සහ කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    අමාත්‍ය රවී කරුණානායක මහතා ඉන් අනතුරුව මල්වතු මහ විහාරයට ගොස් මහ නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නායක හිමියන් බැහැ දැක, ආශීර්වාද ලබා ගත්තේය.
     
    පසුගිය දෙවසරක කාලය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ජත්‍යන්තරය තුළ පැවැති අයහපත් ප්‍රතිරූපය වෙනස් කරමින් ජත්‍යන්තරය දිනා ගැනීමට යහ පාලන රජයට හැකිවූ බවත් මෙහිදී මංගල සමරවීර ඇමැතිවරයා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ බවත් එහිදී, රවී කරුණානායක මහතා කියා සිටියේය.
     
    මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහනාහිමියෝ තානාපති සේවය සඳහා විශ්‍රාමික පුද්ගලයින් වෙනුවට දක්ෂ තරුණ පිරිස් යොදා ගැනීම වැදගත් බවත් ඇතැමුන් ජත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැන්වීමට මහන්සි වන බවක් පෙනෙන්ට නොමැති බවත් පැවසූහ.
     
    මෙයට පෙරද අවස්ථා ගණනාවකදී ඇතැම් තානාපතිවරු වැඩක් නොකරන බව පෙන්වා දුන් නමුත් ඒ පිළිබඳ රජයන්ගේ නිසි අවධානය යොමු නොවුණු බවද උන්වහන්සේ කීහ.
     
    වත්මන් රජය සම්බන්ධව ජත්‍යන්තරය තුළ ප්‍රසාදයක් පැවැතියත් මෙරට ඇතැම් පිරිස් යහ පාලන රජයේ ගුණ නොදකින බවද මහනාහිමියෝ ප්‍රකාශ කළහ.
     
    තානාපති සේවය සඳහා රජය මගින් පුද්ගලයින් යොමු කරන්නේ රටට සේවයක් කිරීමට මිස රටවලට වී ඔවුන්ට විශ්‍රාම සුව විඳින්නට නොවන බවත් පසුගිය කාලයේ තම සේවය රට වෙනුවෙන් නිසි අයුරින් ඉටු නොකළ තානාපතිවරු තිදෙනකු ජනපති හා අගමැති සමඟ සාකච්ඡා කිරීමෙන් පසු යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගත් බවත් අමාත්‍යය රවී කරුණනායක මහතා කීය.
     
    තානාපති සේවයේ නියුක්ත පුද්ගලයින් වෙනුවෙන් වැය කරන්නේ මෙරට ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බවත් ඔවුන් රට වෙනුවෙන් අවශ්‍යය සේවය ඉටු නොකරන්නේ නම් ඒ වෙනුවට සුදුසු අය පත් කිරීමට රජය සෑම විටම පියවර ගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
     
    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තානාපති සේවයේ නිලධාරීන් 63 න් දෙනකු නිරතව සිටින බවද ඇමැතිවරයා කීය.
     
    ශ්‍රී ලංකාව අලුතින් රටවල් කිහිපයක් සමඟ නව තානාපති සබඳතා ආරම්භ කරන බවත් වාණිජ රාජ්‍යයතාන්ත්‍රික සබඳතා ඇති කිරීම ඉතා වැදගත් බවත් පැවසූ ඒ මහතා ණයවලින් රට ඉදිරියට ගෙන යෑමට වඩා වැදගත් වන්නේ වෙළඳාම හා ආයෝජන තුළින් රට ඉදිරියට ගෙන යෑම බවද ප්‍රකාශ කළේය.
     
    මහනාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා වසර 2009 ජූනි මස විදේශ ඇමැති ලෙස ජී.එල් පීරිස් මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ උපදෙස් මත අත්සන් සහිතව ජත්‍යන්තරයට පොරොන්දු මාලාවක් දුන් බවත් ඒවා ඉටු නොවුණු තැන ජත්‍යන්තරය විවිධ බාධක ශ්‍රී ලංකාවට දැමූ බවත් කීය.
     
    යහ පාලන රජය බලයට පැමිණි පසු ජත්‍යන්තරය දිනා ගනිමින් පසුගිය වසර 2 1/2 ක කාලය තුළ ශක්තිමත් පදනමක් දැමූ බවත් අද විපක්ෂයේ සුළු පිරිසක් වැදි බණ කියන්නට පටන් ගෙන තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya