නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිටම් ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව සාධාරණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා

    ජූනි 27, 2017

    සයිටම් ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව සාධාරණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සයිටම් ගැටළුව සම්බන්ධයෙන් වූ රජයේ ස්ථාවරය පැහැදිළි කිරීම සඳහා  පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    විශ්වවිද්‍යාල සිසුන්ට වෛද්‍යවරුන්ට තිබුණු ප්‍රධාන සැකය තමයි මේ හරහා අධ්‍යාපනය පෞද්ගලික වෙයි ද කියන කාරණය. තමන්ගේ අධ්‍යාපනයට බාධාවක් වෙයි කියන සැකය.ඒ නිසා විශ්වවිද්‍යාල සිසුන් වෛද්‍යවරු උද්ඝෝෂණය කළා.පසුගිය ආණ්ඩුව කළ අඩුපාඩුවලට වර්තමාන  ආණ්ඩුව විසඳුම් සොයන්න සිදු වී තිබෙනවා.හඬක් නොනැගුව අය, ප්‍රජාතන්ත්‍රවාදය තුළ හඩක්, මතයක් ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබෙනවා. එම ඉල්ලීම් රටම දැක්කා. සයිටම් ප්‍රශ්නයට ආණ්ඩුව සාධරණ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.මොරටුව, වයඹ ආදී විශ්වවිද්‍යාලවල වෛද්‍ය අධ්‍යාපනය දියුණු කරන්න කටයුතු කරනවා.වැඩි පුර සිසුන් බඳවා ගන්න කටයුතු කරනවා.විශාල සංවර්ධනයක් විශ්වවිද්‍යාලවල ඇති කර තිබෙනවා.

    තවත් අරගල වුවමනා නෑ.අරගල කර ජයග්‍රහනය කරනවට වඩා සාකච්ඡවෙන් ජයග්‍රහනය කිරීමයි වැදගත් වන්නේ. රටේ නීතියට ගරු කරලා කටයුතු කරන්න. නීතිය කඩකර එහි වරදකරුවන්න වෙන්න එපා. ප්‍රමිතීන්ට යටත්ව විශ්වවිද්‍යාල ඉහළ තලයකට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරය පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya