අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සයිටම් ගැටළුව සම්බන්ධයෙන් වූ රජයේ ස්ථාවරය පැහැදිළි කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
සයිටම් ප්‍රශ්නය පිළිබඳව විවිධ මත රටේ ඇති වී තිබෙනවා.විවිධ කණ්ඩායම් දේශපාලන අවියක් ලෙස භාවිතා කරන කණ්ඩායම්වලට ඉඩ තිබුණා එදා. එසේ නොකර ප්‍රශ්නය උඩුදුවනකම් ඉදලා මෙවැනි දේශපාලන වාසි ගන්න කණ්ඩායම් කටයුතු කිරීම රටට අහිතකර වෙන්න පුළුවන්.
සයිටම් අරම්භ කරන විට විවිධ අඩුපාඩුකම් තිබුණා. නව ආණ්ඩුවට සයිටම් හි ප්‍රමිති සියල්ල සිදු කරන්නට සුදු වුණා. මේ සියලු ප්‍රශ්න කලින් තිබුණු ඒවා. අලුත් ආණ්ඩුව ඇති කළ ප්‍රශ්න නොවේ.පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ ක්‍රමවේදවල අඩුපාඩුවට මුහුණ දෙන්න වෙලා.
මේ සම්බන්ධයේ රජයේ ස්ථාවරය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළා. සෞඛ්‍ය අමාත්‍යතුමා යෝජනාවක් ඉදිරිපත් කළා සයිටම් රෝහල රජයට පවරා ගැනීමට. රජය රෝහල පවරා ගන්න බලාපොරොත්තු වෙනවා.සයිටම්ප්‍රශ්නයේ දී එය විසඳාගැනීමට ක්‍රම තුනක් යෝජනා වී තිබෙනවා. හොඳම හා සුදුසුම ක්‍රමයට කටයුතු කරනවා. සයිටම් පුන්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යන්න හැකියි. රජය සම්පූර්ණයෙන් ම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න බැදී සිටිනවා.වෛද්‍ය සිසුන්ට විශ්වවිද්‍යාලවලට පහසුකම් වැඩි කරන්න කටයුතු කර තිබෙනවා.රජයක් හැටියට සයිටම් ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුමක් ලබාදීමට කටයුතු කරනවා.
රටේ උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂවන ආකාරයට කටයුතු කරන්න රජය ක්‍රියා කරනවා.සෑම පාර්ශවයකට සාධරණ විසඳුමක් ලබාදෙනවා.ජී.එම්.ඕ. එකේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදී තිබෙනවා.රටේ පිරිසක් මෙහි පිටුපස දේශපාලනයක් කරනවා.තවදුරටත් ඉඩකඩ තිබෙනවා සයිටම් ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න අවස්ථාව රජය ලබාදී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.