ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) එම අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පසුගිය මැයි මාසයේ දී පළමුවරට සුළං බලාගාර සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කළ බවත් ඒ හරහා විදුලි ඒකකයක මිල රුපියල් 19 සිට රුපියල් 12ක පමණ සාමාන්‍ය අගයක් දක්වා අඩු වී ඇතැයි ද පෙන්වා දුනි.
මෙම සියලු ටෙන්ඩර් සඳහා ඉදිරිපත් ව ඇත්තේ දේශීය ව්‍යාපාරිකයන් බව පෙන්වා දෙන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී තරගකාරී වෙළඳපොළත් ඇති කරමින් ටෙන්ඩර් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ම ඒ හරහා මෙගා වොට් 875ක් වූ විදුලියක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් පැවසීය.