ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
2014 වසරේ දී ඉංජිනේරුවරුන්ට පමණක් වැටුප් වැඩි කර ඇති අතර ඉන් අනතුරුව සියලු සේවකයන්ට 30%ත වැටුප් වැඩිවීමක් ද සිදු කොට ඇත. පෙර දී ඉංජිනේරුවන්ට පමණක් වැඩිකළ වැටුප් ප්‍රතිශතය සියලු සේවකයන් විසින් මේ වන විට ඉල්ලා සිටී. එම වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් කෙටි කාලීන විසඳුමක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින අතර ම 20100ක සේවක පිරිසක් සිටින ආයතනයක වැටුප් වැඩිකිරීමක් යනු ඉතා අසීරු කටයුත්තක්. නමුත් එම කරුණ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සේවක අර්ථසාධක අරමුදලේ මිලියන 2500කට වැඩි මුදල් වංචාවක් සම්බන්ධයෙන් වන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්වා රැගෙන ගොස් ඇති බවත් එමෙන් ම විශ්‍රාම වැටුප් අරමුදලේ මිලියන 400ක පමණ වංචාවක් සම්බන්ධයෙන් ද කටයුතු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
පසුගිය කාලයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් තම අමාත්‍යංශයට 300කට අධික අලාභයක් සිදු ව ඇති බවත් 771000කට විදුලිය විසන්ඳි වු බවත් එම සියලු කටයුතු යථාතත්ත්වයට පත් කරගැනීමට ක්‍රියාකළ සියලු සේවකයන් වෙත සිය ස්තූතිය පිරිනමන බවත් කී අමාත්‍යවරයා මේ වන විට ජලාශවල පවතින ජල ධාරිතාවය ද යහපත් මට්ටමක නොපවතින බවත් පෙන්වා දුනි.
පසුගිය වසරේ මෙම කාල සීමාව වන විට ජලාශවල 70%ක ප්‍රතිශතයක් ජලයෙන් පිරී පැවතුණු නමුත් මෙම වසරේ දී එය 47.6ක ප්‍රතිශයක් දක්වා අඩු ව පවතින බැවින් විදුලිය අරපිරිමැස්සෙන් භාවිත කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
2017 වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා වූ කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා වැඩිපුර ඉන්ධන විදුලි නිෂ්පාදනය සඳහා දස ලක්ෂ 33800ක මුදලක් වැය වී ඇතැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.