අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26)මහනුවර පල්ලේකැලේ පිහිටි ආයෝජන ප්‍රවර්ධන කලාපය තුල ඉදි කරන ලද Celogen Lanka පෞද්ගලික සමාගම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
වත්මන් රජය විසින් පිළිකා රෝගීන්ට ජිවිතාන්තය දක්වා ප්‍රතිකාර ලබාදෙන අතර මෙි වනවිට ඇතැම් පිළිකා රෝගීන්ට රුපියල් ලක්ෂ 150 ඉක්මවන අයුරින් ප්‍රතිකාර කර තිබෙන බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා හෘද රෝගීන් සඳහා ස්ටෙන්ස් නොමිලේ ලබාදිම, අක්ෂි කාච ලබාදීම, රුධිර පරික්ෂණ රෝහල තුළදීම නොමිලේ සිදු කිරීමට රජය විසින් ආරම්භ කළ වැඩපිළිවෙළ තවත් උදාහරණයක් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
"රජය විසින් සෞඛ්‍ය සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරිමට උත්සාහ කරන බවට චෝදනා එල්ල වෙනවා. එය බොරුවක්. සෞඛ්‍ය සේවාව නඟාසිටුවීම හේතුවෙන් ජනතාවට සත පහක වියදමක් දැරිමට සිදු වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා ආරෝග්‍යා පරමා ලාභා කියලා. අපි එම වැඩපිළිවෙළ තමයි ඉටු කරන්නේ. රුධිර පරීක්ෂණ නොමිලේ සිදු කිරිම සඳහා අවශ්‍ය යන්ත්‍ර රුපියල් බිලියන 2.5 ක් වැය කර ලබාදී තිබෙනවා. එම නිසා රෝහල්වල රුධිර පරීක්ෂණ සිදු කිරීම 50% කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම රජය සෞඛ්‍ය සේවාව නංවාලූ රජයක් ලෙස ඉතිහාස ගත වෙනවා. ලියුකේමියා රෝගීන්ටත් අදාල පහසුකම් ලබාදෙමින් ඇටමිදුලු බද්ධ කිරිම ආරම්භ කර තිබෙනවා" යැයි ද කීය.
"මනුස්සකම සහ වෛද්‍ය විද්‍යාව ඉතාම වැදගත් කරුණු දෙකක්. ඇතැම් වෛද්‍යවරු මුදල් හේතුවෙන් වෛද්‍ය ක්‍රමය විනාශ කරනවා. ඒ අතර හොඳ වෛද්‍යවරුන් ද සිටිනවා. මම අක්ෂි කාච මිල අඩු කිරිමට තීරණය කළ විට අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහයෝගය ලබාදුන්නා. ඇතැම් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. හෘද රෝගීන් සඳහා ස්ටෙන්ස් ලබාදීමේ තීරණයේ දීත් එම ක්‍රියාදාමයම සිදු වුනා. අපේ රජයේ ප්‍රතිපත්තිය සෞඛ්‍ය ගොඩනැගීමයි. වසර 2020 වනවිට ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාව බිහිකිරිමටයි. නිදහස් සෞඛ්‍ය සේවාව මෙන්ම නිදහස් අධ්‍යාපනයත් අපි ආරක්ෂා කරනවා. සරසවි සිසුන්ට නේවාසිකාගාර හදනවා. වෛද්‍ය පීඨ ඉදිකරනවා. වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතිගත කරනවා. ඊට එරෙහිව ඇතැමුන් විරෝධතා දක්වනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මමත් හිටියා. එම කාලයේ නම් දැන් ඉන්නවා වගේ කඩා පනින හමුදාවක් හිටියේ නැහැ. අධ්‍යාපනය හා සෞඛ්‍ය වත්මන් රජය රජය ආරක්ෂා කරනවා. මිනිස්කම ආරක්ෂා කිරීමට කටයුතු කිරීම අපේ ජනාධිපතිවරයාගේ අදහසයි" බවත් පෙන්වා දුන්නේය.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු සිහිවටනයක් ද පිරිනමන ලදි.
මෙම අවස්ථාවට අමාත්‍ය එස්.බී. නාවින්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ අචාර්ය එච්.එම්.එම් රූමී යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.