නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැලසුම් සහගතව නීතිවිරෝධී සිදුවීම් ඇති කිරීම ගැන රජය අවබෝධයෙන් සිටිනවා - අධ්‍යාපන අමාත්‍ය

    ජූනි 26, 2017

    අවස්ථාවාදී දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා සැලසුම් සහගතව යම් යම් නීතිවිරෝධී සිදුවීම් ඇති කර පසුව එම සිදුවීම් පදනම් කරගෙන ජන ජීවිතයට බාධාවන අයුරින් උද්ඝෝෂණ හා වැඩවර්ජන කිරීමට ද එම පිරිස් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බව, ජාතීවාදය ඇවිස්සවීමේ සිද්ධි සහ 21 දින සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල අත්පත් කරගැනීමේ සිද්ධිය අනුව පෙනී යන බවත් රජය මේ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    දැරණියගල සිරි සමන් මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදි.

    රජය විවේචනය කරමින් රජයට පහරදීමට ඇතැම් ජනමාධ්‍ය කටයුතු කළත් පසුගිය පාලන සමයේ දී මෙන් ජනමාධ්‍ය ආයතනවලට පහරදීමට වර්තමාන රජය කටයුතු නොකරන බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේ ය.

    ළගම පාසල හොඳම පාසල වැඩසටහනට තෝරාගත් පාසල් 7,000 ක වැඩවිෂයයන් 18,500 ක් යටතේ එම පාසල්වල පහසුකම් ඉහළ නැංවීමේ ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව ද අමාත්‍යවරයා කීය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු හා පළාත්සභා නියෝජිතයින් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya