නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වීම අසාධාරණයි - සෞඛ්‍ය අමාත්‍ය

    ජූනි 26, 2017

    ජනාධිපතිතුමාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වීම අසාධාරණ යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ බුලත්සිංහල ප්‍රදේශයේ  පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "සයිටම් නොහොත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර   සාකච්ඡාවක් පැවැත්වුනා. එහිදී ජනාධිපතිවරයා සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිපත්ති සහ යෝජනා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට දැනුම් දී තිබෙනවා. ඒ බව සෞඛ්‍ය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පුවත්පත් දැන්වීම් පළ කරමින් ජනතාව දැනුවත් කළා.”

    "නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, වෛද්‍ය පීඨය කළමණාකරණය කිරිම සදහා කළමණාකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම, රෝහලේ අයිතිය කොටස් වෙළෙදපොලට නිකුත් කිරිම, සිසුන් බදවා ගැනීම තාවකාලිකව අත්හිටුවීම, අවසන් විභාගය සමත් වූ සිසුන්ට මාස 06 ක පුහුණුවක් ලබාදී සනාථන සභාව සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයෙන් පසු වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරිම රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති තීන්දු වෙනවා. මෙම ප්‍රතිපත්ති මාලාව ලබන අගහරුවාදා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලයෙන් සම්මත වූ පසු එය ගැසට් කර ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. ඉන් පසු රෝහල රජයට පවරා ගැනීමෙන් සෞඛ්‍ය සේවා කටයුතු සිදු කරනවා. එම ප්‍රතිපත්ති තමයි ජනාධීපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ. එය ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ලෙස නිකුත් කිරිමට ද එකඟත්වයට පැමිණ තිඛෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා කලින් කිවුවා නම් මෙවැනි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර අහිංසක රෝගීන් අසීරුතාවයට පත් කිරීමෙි අවශ්‍යතාවයක් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයක් දියත් කර ඇත්තේ ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි. එය අනවශ්‍ය දෙයක්.”

    "වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා සරසවි සිසුන් ආයුධ අතට ගන්න දිනය වැඩි ඈතක නොවෙයි කියලා. දරුවන්ට ආයුධ අතට ගන්න කියලා පෙන්වා දෙන බුද්ධිමතුන් ඉන්නේ මොන රටේ ද. 1971, 1988, 1999 කාලයේ ද තරුණයන් අවි අතට අරගෙන කළ විනාශය කවුරුත් දන්නවා. උතුරේ තරුණයින් අවි අතට ගෙන කළ සටන නතර කිරීමට වසර 30 ක් ගත වුනා. එම නිසා වෛද්‍යවරුන් කියනවා නම් ආයුධ අතට ගන්න කියලා ඔවුන් වෛද්‍යවරුන් නොවෙයි. බුද්ධිමතුනුත් නොවෙයි.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya