කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට මෙම දින කිහිපය තුළ වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.
දිවයිනේ උතුරු අර්ධයේ සහ ඌව පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
සමහර ස්ථානවල, විශේෂයෙන් කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල (මි.මි. 50ටවැඩි) තරමක තද වැසි බලාපොරොත්තු විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවලද ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.