අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලියන ගණනාවක දේපළ හානි

    ජූනි 22, 2017
    මාලඹේ සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනේ නියුතු සිසුන් ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඇතුළු වී සිදු කළ කලබලකාරී ක්‍රියාදාමයන් හේතුවෙන් අමාත්‍යාංශය ඇතුළත දේපළවලට මෙන්ම වාහනවලටද විශාල හානියක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    මෙහි වටිනාකම රුපියල් මිලියන ගණනක් වන බවද අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.
     
    ඒ මහතා මේ බව පැවසුවේ අද (21) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මෙම අවස්ථාව සඳහා 4000කට ආසන්න පිරිසක් එක්ව සිටි බවත්, මෙහි පිටුපස යම් දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වූ බවත්ය. එමෙන් ම මේ සඳහා සහභාගී වූවන් වෛද්‍ය සිසුන්ම නොවන බවත්, වෙනත් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ද සිටින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මොවුන් පිළිබඳ සාක්ෂි කැමරාවල සටහන් ව ඇති බැවින් ඉදිරියේදී රාජ්‍ය දේපළවලට හානි කිරීමේ වරද වෙනුවෙන් නීතිමය පියවර ගනු ලබන බවයි.
     
    එමෙන් ම  මේ වන විට රට තුළ නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශාල පියවර රැසක් ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ,  ඩෙංගු රෝගය බහුලව පවතින ප්‍රදේශ කරා වෛද්‍යවරු 150ක ප්‍රමාණයක් පිටත් කර යාවා ඇති බවයි.  මුල් අවදිය වන විට ඩෙංගු මරණ 1%ක් පැවති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට ඒ තත්ත්වය 0.3% දක්වා අඩුකර ගැනීමට හැකිවී ඇති බවද පෙන්වා දුන්නේය. එමෙන් ම අද වන විට රජයේ රෝහල් වල සියලු ම ඖෂධ හිඟයකින් තොරව ලබාදෙන අතර, විශාල වශයෙන් සෞඛ්‍ය නිෂ්පාදන හා සේවාවල මිල පහත දමා ඇති බවත්,  මෙවන් තත්ත්වයක් යටතේත් මෙවැනි ලෙස හැසිරීම වඩාත් කණගාටුවට කරුණක් වන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
     
    ඊයේ දින අමාත්‍යාංශයේ මහජන දිනයක් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රමිති වාර්තාව ඉදිරිපත් කිරීම, දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයින්ගේ විශේෂ රැස්වීම යනාදිය ඊයේ දිනට යෙදී තිබූ අතර මෙම කඩාකප්පල්කාරී ක්‍රියාදාමය හේතුවෙන් මේ සියල්ල ඊයේ දින අඩාල වූ බවයි.
     
    එමෙන් ම අද දින ක්‍රියාත්මක වන රජයේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය වෙනුවෙන් රජයක් ලෙස පියවර රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
     
    එමෙන් ම  මෙම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ,  මෙම අවස්ථාවේදී  අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන්  මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ව පොලීසිය දැනුම්වත් කර පස්වරු 4.30 පසුව අමාත්‍යාංශ සේවකයින් සුරක්ෂිතව අමාත්‍යාංශයෙන් බැහැරව යාමට සැලැස් වූ බවත් මෙම අවස්ථාවේදී ශිෂ්‍ය ක්‍රියාකාරීන් අමාත්‍යාංශය තුළට කඩා වැද අමාත්‍යාංශ සේවකයින්ට පරිබව කරමින් දේපළ හානිකිරීමට තැත් කළ බවයි. මෙම තත්ත්වය ඇති වන මොහොතේදී  ඉතාමත් ඉවසීමෙන් හා වගකීමෙන් අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රමුඛ සේවක පිරිස් කටයුතු කළ බවද ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේය.  
     
     සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරිීන් පිරිසක් අද දින පැවති මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya