අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල මෙහෙවර ප්‍රදේශීය ජනතා සේවාවක් ලබන 24 සහ 25 දා

    ජූනි 22, 2017

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ ප්‍රාදේශිය ජනතා සේවාවන් දෙකක් මේ මස 24 සහ 25 දෙදින තුළ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙය සංවිධානය කරනු ලබයි.
     
    ඒ අනුව මේ මස 24 වන සෙනසුරාදා දින පෙ.ව.8.00 ට නාරම්මල ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය නාරම්මල, මයුරපාද විද්‍යාලයේදී හා එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන අතර  වීරඹුගෙදර ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය මේ මස 25 වන ඉරිදා දින පෙ.ව.8.00 ට  උහුමීය, ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී  පැවැත්වේ.

    නාරම්මල කොට්ඨාසයේ මේ වන විට හඳුනා ගත් ගැටලු 13,199 ක් වාර්තා වී තිබෙන අතර  වීරඹුගෙදර කොට්ඨාසයේ මේ වන විට හඳුනා ගත් ගැටලු සංඛ්‍යාව 8,093 කි.
     
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා සේවයේ පළමු සහ දෙවන වැඩසටහන් පොළොන්නරුව හා ගාල්ල දිස්ත්‍රික්කයේදී  ඉතා සාර්ථකව අවසන් විය.

    නිල මෙහෙවර ජනතා සේවයේ 3,4,5,6 සහ 7 වැනි වැඩසටහන් කුරුණෑගල, මන්නාරම, මුලතිව්, වවුනියා සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පැවැත්වීමට ජනාධිපතිවරයා  විසින් ගාල්ල නිල මෙහෙවර ජනතා සේවයේ සමාප්ති උත්සවයේදී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya